lohan-ratwatte-speaks

බන්ධනාගාරය තුළ විනය විරෝධී හැසිරීම් නිසා ආන්දෝලනයට තුඩු දුන් රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ පසුගිය දිනවල සිය දුරකථනයට උත්තර දීමෙන් වැළකී සිටි නමුත් සිය නිහඩතාවය බිඳිමින් ඩේලි මිරර් ඉංග්‍රීසි පුවත්පතෙන් සිදුවීම ගැන කළ විමසීමකට පිළිතුරු සපයා තිබේ.
අනුරාධපුර බන්ධනාගාරයට ගියේ තම රාජකාරිය ප්‍රකාරව නිරීක්ෂණයට පමණක් බවත් වැලිකඩ බන්ධනාගාරය තුළ එල්ලුම් ගස බැලීමට ඔහු කිසිවෙකු රැගෙන ගියේ නැති බවත් තනියම ගිය බවත් ඔහු එහිදී ප්‍රකාශ කර තිබේ. මාධ්‍යවල සඳහන් ආකාරයේ ‘මෝඩ හැසිරීමක්‘ තමා සිදු කළැයි විශ්වාස කරනවාදැයි පෙරළා ප්‍රශ්න කරන ඔහු ඉදිරියේදී ජනාධිපතිවරයාට සහ අගමැතිට සත්‍යය හෙළි කරන බවද පවසා තිබේ.
රත්වත්තේ ඩේලි මිරර් වෙත පැවසුවේ අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන්ට තමා තර්ජනය නොකළ බවත් සාමාන්‍ය පරීක්‍ෂණයක් සඳහා පමණක් බන්ධනාගාරයට ගිය බවත්ය.


කෙසේ වෙතත්, ඔහු වැලිකඩ බන්ධනාගාරයේ එල්ලුම් ගහට ගිය බව රත්වත්තේ පිළිගත් නමුත් එය ද සාමාන්‍ය පරීක්‍ෂණයක් සඳහා වූ බව කියන ඔහු බීමතින් සිටි බවට එල්ල වූ චෝදනාව හා සහායිකාව හා මිතුරන් සමඟ එල්ලුම් ගස බැලීමට ගිය කතා ප්‍රතික්ෂේප කරමින් කියන්නේ එහි ගියේ තනිවම බවයි.

“ඇමතිවරයෙකු වශයෙන් මට ඕනෑම වේලාවක ඕනෑම බන්ධනාගාරයකට යා හැකිය. මට කිසිවෙකුගේ අවසරයක් අවශ්‍ය නැහැ. මා යටතේ බන්ධනාගාර 29 ක් සහ පුනරුත්ථාපන මධ්‍යස්ථාන දෙකක් තිබුණා. දිවා හෝ රාත්‍රී ඕනෑම වේලාවක මට ඒවා තුළට යා හැකිය. බන්ධනාගාර ඇතුළත සිදුවන්නේ කුමක් දැයි දැන ගැනීමට මට ඇත්තෙන්ම අවශ්‍ය වූ නිසා කිසිවෙකුටත් නොදන්වා මම මෙය පුරුද්දක් ලෙස කළා ”රත්වත්තේ පැවසීය.

සිරකරුවන්ගේ අයිතීන් අභියෝගයට ලක් කරමින් රජයට ජාත්‍යන්තර තලයේ ගැටලු මතු  කළ චෝදනා සම්බන්ධයෙන් පැහැදිලි කළ රත්වත්තේ කියා සිටියේ
 "මම මුළු බන්ධනාගාර ක්‍රමයම වෙනස් කළා. මම මත්ද්‍රව්‍ය ජාවාරම නැවැත්තුවා. ඇතුළත සිට සිදු වූ සියලු කණ්ඩායම් මිනීමැරුම් මම නැවැත්තුවා. ආරක්‍ෂක හේතූන් මත මට ඔබට කිව නොහැකියි මම ඒ සියල්ලන් වෙනම ප්‍රදේශයක තැබුවා.
සාමාන්‍යයෙන් ඔවුන් හොර රහසේ දුරකථන සහ වෙනත් උපකරණ රැගෙන යමින් හිටියා. මම ඒ සියල්ල නැවැත්තුවා. මත්ද්‍රව්‍ය ඇතුළට යන එක මම නැවැත්තුවා, දැන් මට තියෙන මේ චෝදනා සියල්ල බොරු. සති අන්තයේ මම අනුරාධපුර බන්ධනාගාරයට ගියේ සෙසු බන්ධනාගාර වල කළාක් මෙන් පරීක්‍ෂා කිරීමට පමණි. මම කිසි විටෙකත් සිරකූඩු ඇතුළට ගියේ නැහැ කිසිදු සිරකරුවෙකුට තර්ජනය කරේ නැහැ. එය මගේ රැකියාව නොවේ. ඒ මම නොවේ, ”රත්වත්තේ පැවසීය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ බන්ධනාගාර කළමනාකරණ ඇමතිවරයා ලෙස තමා පත් කරන විට සියලු නීති විරෝධී කටයුතු වලින් බන්ධනාගාර ගිනිගෙන දැවෙමින් තිබූ බවයි.

පසුගිය මාස කිහිපය තුළ ඔහු මේ ගිනි නිවා දමන්නට සමත්වූ බවත් බන්ධනාගාර පුනරුත්ථාපන මධ්‍යස්ථාන බවට පත් කළ බවත්ය.
“වැලිකඩ බන්ධනාගාරය හොරණට ගෙන යාමට පවා මම සැලසුම් කර තිබුණා. එය නවීන බන්ධනාගාරයක්
 'සිරගෙදර' කියන නම පවා මං වෙනස්කරන්න සූදානමින් හිමියේ 'නිවැරදි කිරීමේ පහසුකම' ලෙස ඒ සංකල්පය වෙනස් කරන්න හිටියෙ. මම මේ මුළු ක්‍රමයම වෙනස් කළ කෙනෙක් ඉතින් ඔබ සිතන්නේ මම මේ වගේ මෝඩ වැඩක් කරයි කියාද?‘ රත්වත්තේ විමසීය.

වැලිකඩ බන්ධනාගාරය තුළ එල්ලුම් ගහ බැලීමට කිසි දිනෙක කිසිවෙකු කැඳවාගෙන නොගිය බවත්, තනිවම පරීක්‍ෂණ චාරිකාවක් සඳහා ගිය බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය. ඔහු වැඩිදුරටත් පැවසුවේ තමා ඉරිදා අනුරාධපුර බන්ධනාගාරයට ගිය නමුත් චෝදනා කරන පරිදි සිරකරුවන් ස්පර්ශ නොකළ බවයි. "කවදාවත් එවැනි දෙයක් සිදු වී නැත. මෙය සම්පූර්ණයෙන්ම අසත්‍යයක්," රත්වත්තේ පැවසීය.

තමා අත්අඩංගුවට ගැනීම සඳහා පාර්ශව කිහිපයක්ම චෝදනා කරන පසුබිමේ රත්වත්තේ පවසන්නේ සත්‍ය අවබෝධ කර ගැනීම දැන් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට පැවරී ඇති බවත් අනෙක් රාජකාරි අඛණ්ඩව කරගෙන යන බවත් මැණික් හා ස්වර්ණාභරණ  රාජ්‍ය අමාත්යවරයා ලෙස කටයුතු කරන බවත්ය.

(ඩේලි මිරර් වෙත ජමිලා හුසේන් ලියූ සටහන ඇසුරිනි - gossiplankanews.com)