වයස අවුරුදු දාහතරයි මාස නවයක් (14 මාස 9 ක්) වයසැති දැරියක සිය නිවසේදීම බිලිඳියක ප්‍රසුත කිරීමේ සිද්ධියක්
පූජාපිටිය ප්‍රදේශයෙන් වාර්තාවේ.

කිසිවක් නිවැසියන්ට නොපැවසූ දැරිය ගැබ් ගෙන ඇති බව අවසන් මොහොත වනතුරු නිවැසියන්දැන සිට නැත. දින කිහිපයකට පෙර මේ දැරිය නිවසේ දී බිලිඳෙකු ප්‍රසුත කර ඇති අතර අධික රුධිර වහනය වීම නිසා දැරිය මහනුවර මහ රෝහලට ඇතුළත් කරනු ලැබ ඇත.
සිය ගම් ප්‍රදේශයට පැමිණි පුද්ගලයෙකු සමග හිතවත්කමක් ඇතිකර ගෙන ඇති බවත් පසුව දැරිය ගැබ් ගෙන ඇති බවත් පවසන පොලිසිය එම සිද්ධිය දැරිය හෙළිකර නැති බවත්  පොලිසිය කියයි.
 29 හැවිරිදි විවාහක පුද්ගලයකු මෙම සිදුවීමට සම්බන්ධ බවට තොරතුරු හෙළිවූ අතර පූජාපිටිය පොලීසිය ඔහුව අල්ලාගෙන තිබේ. මොහු ගලගෙදර ප්‍රදේශයේ පදිංචි  විවාහක පුද්ගලයෙකු වූ බව කියැවේ.


ඔහුගේ බිරිය ටික කලකට පෙර ඔහුගෙන් වෙන්ව ගොස් ඇති බවද පවසා ඇත.මෙම බිළිදා සම්බන්ධයෙන් ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සිදු  කිරීමට පියවර ගෙන ඇති අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.