french-highline-walker-makes-600-metre-seine-crossing-from-eiffel-tower

ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි සුප්‍රසිද්ධ අයිෆල් කුලුනේ සිට ඇද තිබූ මීටර් 600ක් දිග කඹයක් මත ඇවිදිමින් වික්‍රමයක් පෙන්වන්නට එරට වෙසෙන නාතන් පෝලින් නම් වාත්තීමය කරනම්කරුවෙකු සමත් වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 



පසුගිය සෙනසුරාදා දිනයේදී මෙම අවස්ථාව සංවිධානය වී තිබී ඇත. මෙහිදී පැරිසියේ සෙයින් නදියට මීටර් 70න් පමණ ඉහළින් නදියේ මෙහා ඉවුර සහ එහා ඉවුර සම්බන්ධ වන ලෙස අයිෆල් කුලුණේ සිට ෂයිලොට් නෘත්‍ය ශාලාව දක්වා මෙම කඹය අද තිබුණි.



මෙම අවස්ථාව නැරඹීමට පැමිණි සිටි සිය ගණනක් ප්‍රේක්ෂකයන් සහ නාතන්ගේ හිතවතුන් ඉදිරියේ ඔහු ඉතාමත් සාර්ථක ලෙස මෙම ඇවිදීම සිදුකර තිබේ.

27 හැවිරිදි වියේ පසුවන නාතන් මෙම වික්‍රමය පෙන්වීම සදහා පුරා වසර හතරක කාලයක් මේ සම්බන්ධයෙන් පුහුණුව ලැබූ බව සදහන් වෙයි. එහිදී ඔහු ආරම්භයක් ලෙස පළමුවෙන්ම අයිෆල් කුලුනේ පළමු මහලේ සිට ඇදි කඹයක් මතින් මේ ආකාරයෙන්ම ගමන් කර තිබේ.

මෙම ඇවිදීමේදී නාතන් කඹය මත ඇවිදීමට අමතරව එහි වාඩිවෙමින්, දිග ඇදෙමින් යනාදි ලෙස විවිධ අවස්ථාවත් ප්‍රදර්ශණය කරමින් සිටි පිරිස් අමන්දානන්දයට පත්කර තිබේ. මෙහිදී ඔහු කිසිදු පාවහනක් පැලදීමකින් තොරව කඹය මත ඇවිදීම විශේෂත්වයකි. මෙම ගමන සදභා ඔහුට විනාඩි 30කට ආසන්න කාලයක් ගත වී තිබේ.

"මේ මීටර් 600 ගමන් කිරීම පහසු වුණේ නැහැ අප වටේ තිබෙන සෑම දෙයක් සම්බන්ධයෙන්ම මානසික ඒකාග්‍රතාව පවත්වා ගැනීමත්, පීඩනය දරා ගැනීමත් කළ යුතු වුණා. ඒත් එය ඉතාමත් සුන්දර අත්දැකීමක්.” නාතන් පවසා තිබේ.