
තම තරුණ බිරිය හා එකම දරුවා අතහැර 14 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් සමග නව යුග දිවියක් ගත කිරීම සඳහා ප්‍රදේශයෙන් පලාගොස් සිටි 26 හැවිරිදි පුද්ගලයකු ඊයේ (21) උදැසන අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව මූලස්ථාන පොලිසිය පවසයි.
සැකකරු නිට්ටඹුව, රන්පොකුණුගම නිවාස සංකීර්ණයේ පදිංචි පැණි බීම බෙදාහැරීමේ නියෝජිත ආයතනයක සේවකයකු බවද පොලිසිය කියයි. මෙම 26 හැවිරිදි එක්දරු පියා 14 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් රහසිගතව පවත්වාගෙන ගොස් ඇති බවද ඒ අනුව ඉකුත් 17 වැනිදා මෙම එක්දරු පියා තම තරුණ බිරිය හා දරුවා නිවෙසේ තනිකර දමා සිසුවිය සමග ප්‍රදේශයෙන් පලාගොස් නිවෙසක නවාතැන් ගෙන සිට ඇති බවද මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.
සිසුවිය අතුරුදන්වීම පිළිබඳ සිසුවියගේ මව නිට්ටඹුව මූලස්ථාන පොලිසියට එදිනම (17) පැමිණිලි කර ඇත.
තම දියණිය විවාහකයකු සමග ගොස් ඇති බව තහවුරු කරගෙන ඇති සිසුවියගේ මව දුරකතනයෙන් සිසුවියට කතා කර සිසුවිය හා විවාහකයා උපක්‍රමශීලීව නිට්ටඹුව රන්පොකුණුගම නිවාස සංකීර්ණයට ගෙන්වා ගැනීමෙන් අනතුරුව 26 හැවිරිදි එක්දරු පියා පොලිසිය සැකපිට මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. සිසුවිය වෛද්‍ය පරික්ෂණයක් සඳහා යොමු කිරීමට නියමිතය.
(වතුපිටිවල එස්.යූ.ඩබිලිව්.කේ. ජයවර්ධන)
Comments
Post a Comment
Your comment will be visible after approval