female Grama Sevaka who had an affair with a corporal has killed her champ husband

මට්ටක්කුලිය සමීට්පුර වසමේ ග්‍රාම නිලධාරි ලෙස කටයුතු කළ කාන්තාව සිය රාජකාරී කටයුතු වලදී දැනහඳුනාගත් හමුදා නිලධාරියෙකු සමග අනියම් ඇසුරක් පවත්වා යමින් සිටියදී දෙදෙනාගේ සම්බන්ධයට විරුද්ධවූ ප්‍රකට ක්‍රීඩකයෙකුවූ ඇගේ සැමියාව සැලසුම්සහගතව මරාදැමීමේ සිද්ධිය දැන් ආන්දෝලනයක් ඇති කර තිබෙයි.
මෙම සංසිද්ධිය නිසා ඝාතනය වී ඇත්තේ ‘තොටළග අරුණ‘ එල්ලේ කණ්ඩායමේ නායකයා ලෙස හඳුන්වන අකිල සම්පත් රත්නසිරි නැමැති 36 හැවිරිදි පුද්ගලයෙකි.
වාර්තාවන ආකාරයට සිද්ධිය මෙසේය.

ග්‍රාම නිලධාරි තනතුරට කාන්තාවන් පත්වන්නේ අඩුවෙනි. තරුණ පෙනුමැති ඇය එම රැකියාව සතුටින් කරමින් සිටියාය.ඇගේ කාර්යාලය තිබුනේ මට්ටක්කුලිය පොලිසිය අසළ පන්සලේය.
එල්ලේ කණ්ඩායමක දක්ෂ ක්‍රීඩකයෙකුවූ සැමියාත් ප්‍රසිද්ධ චරිතයක් විය. ඔවුන්ගේ නිවස පිහිටා තිබුනේ රාගම  බටුවත්තේය..ඔවුන්ට දරුවන් තුන්දෙනෙකුද සිටි බව පැවසිණි. දරුවන්ගේ කටයුතුද සොයා බලමින් ඔවුන් උත්සාහයෙන් ජීවිතය ගොඩනගාගත්තද පසුගිය වසංගත වකවානුව තුළ ආර්ථික ප්‍රශ්න මතුවී තිබුණි. ක්‍රීඩකයෙකුවූ අකිල නරක මිතුරන්ගේ ඇසුර නිසා මත්ද්‍රව්‍ය වලටද හුරු වී  සිටියේය.

විශේෂයෙන් ‘අයිස්‘ නමැති මත්ද්‍රව්‍ය භාවිත කරන්නෙකු විය.

මට්ටක්කුලිය හමුදා කඳවුරට අයත් ගැමුණු රෙජිමේන්තුවට අනුයුක්ත කෝප්‍රල් උදාර පෙරේරාට සමිට්පුර ප්‍රදේශයේ බුද්ධි තොරතුරු රැස් කිරීමේ කාර්ය පැවරී තිබුනේ මෙයට කලකට පෙරයි. මේ සඳහා අදාළ ග්‍රාම සේවා නිලධාරියාගෙන් තොරතුරු රැස් කිරීම රාජකාරී අවශ්‍යතාවයයි.
සමිට්පුර ග්‍රාම සේවා වැඩකටයුතු කාන්තාවක අතින් සිදුවන බව දැනගත් පසු උදාරට ඒ ගැන ප්‍රියතාවයක්ද හටගෙන තිබුණි.වරින්වර ඇය හමුවී රාජකාරී වැඩ සිදුකරන්නට ඔහුට උවමනා විය.

ප්‍රදේශයේ සිටි මත් ජාවාරම්කරුවන් ඇතුළු විවිධ පුද්ගලයන් ගැන තොරතුරු රැස් කර සටහන් තබාගැනීමට කෝප්‍රල්වරයා කටයුතු කළ අතර ඇය සමග සහයෝගයෙන් කටයුතු කරද්දී ඇය තමන්ගේ පුද්ගලික ප්‍රශ්නද ඔහු සමග කියා තිබුණි. සැමියා මතට ඇබ්බැහිවී පවුලේ ඇතිව තිබෙන ප්‍රශ්න ගැනද ඇය කතා කර තිබුණි. සැමියා ඇතැම් දිනවල නිවසට නොඑන බවද ඇය ඔහුට කීවාය.
දෙදෙනා අතර පුද්ගලික මට්ටමේ කතාබස් නිසා සමීප ඇසුරක්ද නොදැනීම වර්ධනය විය.

ඔවුන් අනියම් පෙම්වතුන් බවට ඉක්මනින් වෙනස් විය.මීට වසරක පමණ කාලයක සිට ඇය පන්සලේ පවත්වන ඇතැම් බෝධි පූජා වැඩවලට හා සාප්පු වල ගමන් බිමන් යාමට දෙදෙනා එක්ව ගමන් කර තිබූ අතර ඒ ගැන ප්‍රදේශ වාසීන්ද සැකමුසු සාක්ෂි සපයා තිබුණි.
තම බිරිඳගේ අයථා හැසිරීම ගැන සැමියාට කනින් කොණින් ආරංචි විය. ඒ ගැන සැක සිතී සැමියා අකිල ඇගෙන් ඒ ගැන විමසා අඩදබර කළ නමුත් ඇය සම්බන්ධය නතර කරේ නැත. සැමියාගෙන් නිතර පහරකෑම්වලට ලක්වන්නට වූ ඇයට දිනක් සැමියා පවසා තිබුනේ ‘මං ඔය කෝප්‍රලයාව ළඟදිම බාවනවා උඹේ ඔය හොර වැඩ ඔක්කොම එතැනින් ඉවරයි‘ යනුවෙනි.

මෙයට ප්‍රතිචාර ලෙස ග්‍රාම සේවක බිරිය හමුදා පෙම්වතා ලවා සැමියාගෙන් පලිගන්නට සැලසුමක් සකස් කළ බව කියැවේ. මේ ගැන සැමියා අකිලටද ඉව වැටී තිබුණ අතර දැනට කෙරී තිබෙන පරීක්ෂණ වලදී ‘මට මොනවා හරි වුණොත් බිරිඳ වගකිව යුතුය’යනුවෙන් ඔහු දිනපොතක ලියූ සටහනක්ද හමුව තිබේ.

දැනට සැකකරන ආකාරයට මෙම පීඩනයෙන් මිදී අලුත් ජීවිතයක් දෙදෙනා එක්ව ගතකිරීමේ අභිලාසයකින් කෝප්‍රල්වරයා තවත් හමුදා සාමාජිකයින් 7 දෙනෙකුගේ උදව් ලබාගෙන අකිලගේ ඝාතනය සිදු කර තිබේ.

ඉකුත් 17 වැනි දින රාත්‍රියේ යතුරු පැදියෙන් යමින් සිටියදී කෝප්‍රල් ඇතුළු පිරිස ඔහුව පැහැරගෙන මාදම්පිටිය ප්‍රදේශයට රැගෙන ගොස් පහර දී ඝාතනය කර ඇති බවට තොරතුරු හෙළි ව තිබේ.


ඔහුව එදින පැහැරගෙන යන්නේ ‘කුඩ්ඩෙක් ඇල්ලුවා’යන්න දක්වමිනි. අකිල යතුරුපැදියෙන් ගමන් කරමින්
සිටින විට මග රැක සිට සිය කෝප්‍රල් මිතුරු හමුදා සාමාජිකයකු ඔහු පැහැරගෙන  බොලෙරෝ වර්ගයේ හමුදා
කැබ් රථයකින්  මාදම්පිටිය කනත්ත අසල ඇති කසල අංගනය අසලට රැගෙන ගොස් ඇති බව දැනට කෙරුණ පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත. පසුව ඔවුන් අකිලට පහර දී ඝාතනය කර ඇත.
අනතුරුව ඝාතන සාක්ෂි ඉතිරුවේ යයි සැකයට යතුරු පැදිය ද කැබලිවලට ගලවා තිබේ. එසේ කැබලි කර ගැලවූ යතුරු පැදියත්  මියගිය අයගේ හිස බහාලු පොලිතින් කවරයත් සිරුර දැවටූ කවරයත් කැබ් රථයටම පටවාගෙන ගොස් සේදවත්ත ප්‍රදේශයෙන් කැලණි ගඟට අතහැර තිබේ.

සැමියා පැහැරගන්නා වේලාවේ මංගල උත්සවයකට සහභාගීවීමට යයි කියා හිතාමතාම කොන්ඩා දැමීමේ ස්ථානයකට ගොස් සැකයක් ඇති නොවන ආකාරයට සැඟවී සිටි ග්‍රාම සේවිකාව පසුදිනයේ පොලිසිය වෙත ගොස් තම සැමියා අතුරුදන් බවත් කිසිම ආරංචියක් නැති බවත් පැමිණිල්ලක් ගොනු කළේ මියගිය අකිලගේ සහෝදරයාද සමගිනි.
දින ගණනාවක පසු  කුණු වූ මෙම මළ සිරුර ගොඩගසන්නේ කාක දූපතෙනි.  ඒ අවස්ථාවේ දී පොලිසිය ආසන්න දිනවල අතුරුදන් අයගේ ඥාතීන් කැඳවා සිරුරක් හමුව ඇති බවත් එය හඳුනාගන්නට එන ලෙසත් ඇමතුම් දුන් අතර මියගිය අයගේ සොයුරාට හා ග්‍රාම සේවිකා කාන්තාවට යන දෙන්නාටම පැමිණෙන ලෙස දන්වා තිබුණි.
 ඝාතනය කළ පුද්ගලයාගේ සිරුර අතපය සහ  මුහුණ ගැට ගසා තිබූ අතර එම අවස්ථාවේ ඇය හා අකිලගේ සොයුරු සිරුර මියගිය අකිලගේ බවට නිශ්චිතවම හඳුනාගෙන ඇත.

අකිලගේ අතුරුදන්වීම ඝාතන මරණයක් වියහැකි බවට පොලිසියට සැක පහළවන්නේ එතැන් සිටය.

මේ සිදුවීම සම්බන්ධව පොලිස් ප්‍රශ්නකිරීම් වල මූලික සැකය බිරිය වෙත එල්ලවුවත් ඇය සියලු ප්‍රශ්න කිරීම් වලින් සියුම් ලෙස ලිස්සා යන්නීය. ‘මං කෝප්‍රල් එක්ක යාළුයි කියලා එයා සැකකලා ඒක ඇත්ත.. එත් එයාව මරල දාන්න කිසිම ඕනකමක් අපි දෙන්නටම තිබුණාය කියල මං හිතන් නැහැ. අපි අතරෙ ප්‍රශ්න ආව දවසේ සැමියාට පහර දී අත් හරිනව කියල තමා කෝප්‍රල් කිව්වෙ‘ ඇය කියා සිටියාය.

මෙම පුද්ගලයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකාර කෝප්‍රල් අත්අඩංගුවට පත්වන්නේ ඉන් පසුවය. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී ඝාතන සිද්ධිය ගැන සාක්ෂි රැසක් විමර්ශනයට පොලිසියට අවස්ථාව ලැබේ.

ඒ අනුව තොටළග එල්ලේ කණ්ඩායමේ නායකයාගේ ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විමසීමට ඔහුගේ බිරිඳ පෙරේදා (11) සවස අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

දෙදෙනාම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (13) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7 ක් රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධි ශ්‍රී රාගල මහතා පොලිසියට අවසරදී ඇත.  මෙම ඝාතනයට උදව් කළ හමුදා නිලධාරීන් 7 දෙනා සම්බන්ධ තොරතුරු හෙළිව ඇති බවත් ඔවුන්ද අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරන බවද පොලිසිය සඳහන් කරයි.ඝාතනයට යොදාගත් වාහන පොලිසිය භාරයට ගැනීමටද නියමිතය.
මේ අතර ඊයේ යුදහමුදාව නිවේදනයක් මගින් දන්වා සිටියේ මෙම ඝාතන සිද්ධිය අපක්ෂපාතී ලෙස සිදු කරන්නට අවශ්‍ය සම්පූර්ණ සහය යුදහමුදාව පාර්ශ්වයෙන් ලබාදෙන බවයි.
 

( gossiplankanews.com )