බස්නාහිර මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව ඊයේ (13) මාධ්‍ය වෙත කළ දැනුම්දීම අනුව ලබන මාසයේ සිට කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් කාඩ්පත නොමැතිව බස්නාහිර පළාතේ බස් රථවලට මගීන් පටවා නොගන්නා බව පවසා තිබේ.එන්නත්කරණය කාඩ්පත සන්තකයේ තබාගැනීම අනිවාර්ය වන අතර කාඩ්පත පරීක්ෂා කර මගීන් බසයට ඇතුළත් කර ගැනීමේ වගකීම කොන්දොස්තරවරයාට පැවරෙන බවද ඔහු කීවේය.


 මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරියේ ජංගම පරීක්ෂකවරුන් මගින් එන්නත් කාඩ්පත් පරීක්ෂා කරවීම් නිරන්තරයෙන් සිදුකර නීතිය දැඩිව ක්‍රියාත්මක කරවන බවත් මගී ජනතාවගේ ආරක්ෂාව සඳහා මෙම පියවර කෙරෙහි යොමුවූ බවත් දන්වා තිබේ.
මෙම අධිකාරියේ නියාමනය යටතේ පෞද්ගලික බස් රථ හයදහස් දෙසීයක් ද ධාවනය වන අතර බස් සේවකයින් ද කොවිඩ් එන්නත ලබාගෙන තිබීම අනිවාර්ය කර ඇත.