eliyantha-white-death-covid19

කොරෝනා ආසාදනයවී  ඉන් දැඩි ලෙස අසාධ්‍ය වී කොළඹ නවලෝක රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටි ඒලියන්ත වයිට් මහතා අද (22) දින අභාවප්‍රාප්ත වී තිබේ.


සති දෙකකට පමණ ඉහතදී ඔහුට කොවිඩ් රෝගය ආසාදනය වී කොළඹ නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතර ඔහු කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ගෙන ගොස් එක්මෝ යන්ත්‍ර ස්වසන ආධාරකයද ලැබීය.
නමුත් ඔහුගේ තත්වය එන්න එන්නම දුර්වලවූ බවත් අද දින මියගිය බවත් පැවසේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ පුද්ගලික වෛද්‍යවරයෙකු ලෙස කාලයක් කටයුතු කළ ඔහු කොරෝනා වසංගතය ආරම්භවූ වකවානුවේ ගංගාවලට මුට්ටි අතැර හැරීමේ කෙමක්ද හඳුන්වාදීම නිසා පසුගියදා කථාබහට ලක්විය.
ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුලු රැසක් ඔහුගෙන් ප්‍රතිකාර ලබා සුවය ලබා ඇති අතර ඔහු පවසා ඇත්තේ ලෝකයේ රාජ්‍ය නායකයන් 9 කගේ රහසිගත පුද්ගලික වෛද්‍යවරයා ලෙස තමා කටයුතු කරන බවත් තමාට ඒ අයට අවශ්‍ය ඕනෑම වේලාවක ඒ ඒ රටට යාමට ගුවන් යානයක්ද වෙනම ඇති බවය.
ඔහු වසර ගණනාවකට ඉහත ජම්බුගස්මුල්ලේ ‘ඉමේෂ් රංගන‘ නමින් පෙනී සිටි ගායකයෙකු බවටද තොරතුරු පළ විය. දෙදරු පියෙකු වන ඒලියන්ත වයිට් මහතාගේ පුතු පරිගණක ඉංජිනේරුවරයෙකු වන බව හා දියණිය ගුවන් නියමුවරියක බව ඔහු කියා තිබේ.

ඒලියන්ත වයිට් මහතා ඔහු ගැන විස්තර සඳහන් කරන සම්බන්ධිත ලිපිය
මං රටවල් 9 ක රාජ්‍ය නායකයන්ගෙ සීක්‍රට් වෛද්‍යවරයා - මගෙන් පස්සෙ මගේ දුව පුටුවෙ වාඩිවෙයි - ඒලියන්ත වයිට්