dushmantha-chameera-speaks

කණ්ඩායම වෙනුවෙන් සෑම අවස්ථාවකදීම තමාගේ දායකත්වයක් ලබාදීමට උත්සාහ කරන බවත්, ඒ නිසාම පිතිකරණ දක්‍ෂතා දියුණු කර ගැනීමට වැඩි උනන්දුවක් දැක් වූ බවත් ශ්‍රී ලංකා ආරම්භක වේගපන්දු යවන්නා වන දුෂ්මන්ත චමීර පැවසීය.  ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර අද (10දා) ආරම්භ වන විස්සයි20 තරගාවලිය සම්බන්ධයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් චමීර මේ බව පවසා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම පවසා සිටියේ, තමාගේ දක්‍ෂතා ඉහළ යාමට අඛණ්ඩව ක්‍රීඩා කිරීමට ලැබීමට හේතුවක් වූ බවයි. අද තරගය පිළිබඳ තවදුරටත් අදහස් දැක් වූ චමීර, "අපේ ශක්තිය දගපන්දුව විශේෂයෙන් දකුණු අප්‍රිකාව දගපන්දු යවන්නන්ට ටිකක් දුර්වලයි. නමුත් මම වේගපන්දු යවන්නෙක්. කඩුලු දවාගැනීම මට අපහසු වුණත්, මම සෑම විටම උත්සාහ කළේ ලකුණු අඩුවෙන් දෙන්න.

නමුත් පළමු තරග දෙකේදී දකුණු අප්‍රිකානුවන්ට පීඩනයක් දෙන්න මට අවස්ථාවක් ලැබුණේ නැහැ. අවසන් තරගයේදී මට එය කරන්න හැකි වුණා” යනුවෙන් පැවසීය..

ඉදිරියේදී ආරම්භ වන අයි.පී.එල්. තරගාවලියට ක්‍රීඩා කිරිමට චමීරට අවස්ථාව හිමිව ඇති අතර, ඒ සම්බන්ධයෙන් අදහස් දැක් වූ ඔහු,"අයි.පී.එල්. ක්‍රීඩා කරන්නේ ලෝක කුසලානය ක්‍රීඩා කරන (එක්සත් අරාබිය) ක්‍රීඩාංගණවලමයි. එය ලොකු වාසියක් වෙයි කියලා හිතනවා. ඒ වගේම අයි.පී.එල්. කියන්නේ තරගකාරීම තරගාවලියක්. එම අත්දැකීද මට ලොකු අවස්ථාවක් වෙයි" යැයි පැවසීය. පිතිකරණයේ දියුණුවීම හා ශ්‍රී ලංකා පිතිකරණ දක්‍ෂතා පිළිබද අදහස්දැක්වූ  චමීර, "පසුගිය කාලයේ මම පිතිකරණය පැත්තෙන් හොද අවධානයක් යොමු කරලා පුහුණුවීම් කළා. විශේෂයෙන් එංගලන්ත තරගාවලියේදී මට වැඩි පන්දුවාර සංඛ්‍යාවක් ක්‍රීඩා කරන්න ලැබුණා. ඒ වගේම කණ්ඩායමේ පුහුණුවීම්වලදීද මට වැඩියෙන් පන්දුවට පහර දෙන්න ලැබෙනවා. එයද මගේ පිතිකරණ දක්ෂතා දියුණු වෙන්න හේතුවක් වෙන්න ඇති. ක

ෙසේ නමුත් ලැබෙන සෑම අවස්ථාවකදීම කණ්ඩායම වෙනුවෙන් දායකත්වය ලබාදෙන්නයි මම සූදානමින් ඉන්නේ. ඒ වගේම මට මගේ දක්ෂතා ඉහළ දමාගන්න හැකිවුණේ එක දිගට තරග ක්‍රීඩා කරන්න ලැබුණු නිසා. ඉන් මට ලොකු ආත්ම විශ්වාසයක් ලැබුණා. ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ දක්‍ෂතා ගැන කතා කළොත්, බංග්ලාදේශ හා එංගලන්ත තරගාවලිහිදී අපි පිතිකරණය පැත්තෙන් එතරම් සාර්ථක වුණේ නැහැ. නමුත් ඉන්දියානු තරගාවලියේ සිට මේ දක්වා යම් ස්ථාවර වීමක් තිබෙනවා. ඒ  නිසා තව ඉදිරියට ක්‍රීඩා කරද්දී තවත් දියුණු වෙයි කියලා හිතනවා” යනුවෙන් පැවසීය.

(සංජීව ධර්මසේන)