covax-30-percent

ලෝක සෞඛ්‍ය සංවිධානය, යුනිසෙෆ් සංවිධානය මෙන්ම GAVIඑන්නත්කරණ සන්ධානය ඇතුළු ලොව සංවිධාන රැසකගේ එකමුතුවෙන් ලොව දුප්පත් රටවලට අවශ්‍ය COVID-19 එන්නත් සැපයීමේ COVAX වැඩසටහන හරහා මේ වසර තුළදී ලබාදීමට ඉලක්ක කර තිබූ එන්නත් මාත්‍රා ප්‍රමාණය 30%කින් කපා දැමීමට සිදුව ඇතැයි ඊට සම්බන්ධ ජාත්‍යන්තර සවිධාන පවසයි. 

මෙම වැඩසටහන මගින් මේ වසර තුළදී ලොව පුරා හඳුනාගත් දුප්පත් රටවලට එන්නත් මාත්‍රා බිලියන 2ක් ලබාදීම එම ඉලක්කය විය.

එහෙත් ඒ සඳහා අවශ්‍ය වන එන්නත් සපයා ගැනීම දුෂ්කරවීම හේතුවෙන් ඉලක්කය බිලියන 1.425ක් දක්වා අඩු කිරීමට තීරණය වී තිබේ. මෙහිදී විශේෂයෙන්ම COVAX වැඩසටහන සඳහා එන්නත් සැපයීමට නියමිතව තිබූ ඉන්දියාවේ Serum Institute ආයතනය සිය එන්නත් අපනයනය කිරීමෙන් වැළකී සිටීම මෙම ඉලක්කය සම්පූර්ණ කරගැනීමට මූලිකවම බාධාවක් වූ බවද මෙම සංවිධාන පවසයි. එසේම Johnson and Johnson සහ  AstraZeneca යන එන්නත් මාත්‍රා නිපදවීමේ ඇති වූ බාධාද මෙම සැපයුමට බාධා කර ඇත. මීට අමතරව ඇමෙරිකාවේ Novavax සහ චීනයේ එන්නත් සඳහා අනුමැතිය ලබාදීම සඳහා කල් ගතවීමත් මෙම සැපයුම් සදහා බලපෑම් එල්ල කර තිබේ.