රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා නැවත රට විවෘත කිරීම සම්බන්ධයෙන් මෙසේ අදහස් පළ කර ඇත.

‘කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම දෙදහසකට ආසන්න සීමාවට පැමිණි පසු දැඩි සෞඛ්‍යමය කොදේසි යටතේ රට විවෘත කිරීමට හැකිවේවි කියල විශ්වාස කරනවා. ඒවගේම විද්වත් කමිටුවක මගපෙන්වීම යටතේ පාසල් ක්‍රම ක්‍රමයෙන් විවෘත කිරිමට හැකියි.ඩෙල්ටා සැර කොරෝනා රැල්ලේ යම් පාලනයක් ලබන මාසය වනවිට ඇතිවේවි.

කොරෝනා ව්‍යාප්තිය පිළිබඳ දත්ත  විශ්ලේෂණය කිරීමෙන් පසුව තමයි රට විවෘත කිරීම සම්බන්ධයෙන් පැහැදිලි නිගමනයකට එන්න පුළුවන් වෙන්නෙ.
  රටේ ජනගහනයෙන් සියයට 85ක්  එන්නත්කරණයට ලක්කළ පසු රංචු  ප්‍රතිශක්තිය ගොඩනැංවී කොවිඩ් ව්‍යාප්තියේ සැලකිය යුතු පාලනයක් ඇතිවනවා. එම සියයට අසූපහේ සීමාවට පැමිණ සති දෙකක් ගිය පසු ඒ ප්‍රතිඵල පෙන්නුම් කෙරෙනවා.
රට සාමාන්‍ය තත්වයට පත් වුවද ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ දිගටම පිළිපැදිය යුතුයි.  පාසල් විවෘත කිරිමට පෙර දරුවන්ට කෝවිඩ් මර්දන එන්නත ලබාදීම වැදගත් ඒවගේම උසස් පෙළ පන්තිවල සිට පහළ පන්ති දක්වා පියවරෙන් පියවර එන්නත ලබාදිය යුතුයි.

නිරෝධායන කාල සීමාවේදී සමහරුන්ගේ හැසිරීම සතුටුදායක නැහැ.එන්නත් ලබාගැනීමට රැස්වන අවස්ථාවලදී ද ජනතාව සෞඛ්‍යානුකූලව කටයුතු කළ යුතුයි.හැමෝම විශේෂයෙන් අධි අවදානම්  අය එන්නත් ගතයුතුමයි.‘