
විශේෂයෙන්ම මෙම ප්‍රදර්ශන අවස්ථාව චීනය තමන් සතු ගුවන් බලය ප්‍රදර්ශනය කිරීම සදහා අවස්ථාවක් ලෙස යොදාගනු ඇතැයි බොහෝ දෙනාගේ අදහස වී තිබේ. එහිදී එරට නිෂ්පාදිත J-20 ප්‍රහාරක ගුවන් යානා සහ J-16 ප්‍රහාරක ගුවන් යානා මෙන්ම ඉහළ උන්නතාශයකට යා හැකි WZ-7 සහ WZ-8 යන ඩ්‍රෝන යානාද මෙහිදී ප්‍රදර්ශනයට තබනු ඇතැයි පවසයි.චීන මාධ්‍ය වාර්තවලට අනුව මේ දක්වා ගුවන් යානා 100කට වඩා වැඩි ප්‍රමාණයක් ප්‍රදර්ශනයට එක් කරන බවට ලියාපදිංචි කෙරී ඇත. මේ අතර චීනය එරට තුළ නිපද වූ දියගොඩ දෙකෙහිම යාත්‍රා කළ හැකි ලොව විශාලතම ගුවන් යානය වන AG600 යානය මෙම ප්‍රදර්ශනයට එක්කරනු ඇති බවත්, විශේෂයෙන්ම එය අපනයනය සඳහා නිෂ්පාදනය කිරිම චීනයේ අරමුණ බවත් පැවසෙයි.





Comments
Post a Comment
Your comment will be visible after approval