
පසුගිය (සැප්තැම්බර් 05) දින සිය මව සමග දර කැඩීමට නුවරඑළිය ඩන්සිනන් වත්ත වතුයාය වෙත ගිය 25 හැවිරිදි ජේ. බාලන් කත්මුණ තරණි නමැති තරුණිය සොයා යුද්ධ හමුදාව සහ පොලීසිය එක්ව සිදුකල ඒකාබද්ධ සෙවීම් සහ මුදවා ගැනීමේ මෙහෙයුමකින් පසු එම තරුණිය සොයා ගෙන තිබේ.
එහිදී, නුවරඑළිය පොලීසියේ දැනුම් දීමකට අනුව යුද්ධ හමුදාපතිතුමාගේ උපදෙස් පරිදි ආරක්‍ෂක සේනා මූලස්ථානය මධ්‍යම බලප්‍රදේශය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයේ 112 වන බලසේනාවේ 3 වන සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් හා පොලීසිය එක්ව ප්‍රදේශවාසීන් සමග එම තරුණිය සෙවීමේ මෙහෙයුම එදින සවස සිට ආරම්භ කළ අතර, දින 04 ක් පුරා සිදුකල මෙහෙයුමකින් පසු සැප්තැම්බර් මස 09 දින ඹබරකැලේ අළුත් කොළණිය, ශාන්තිපුර යන ස්ථානයේදී අදාල තරුණිය සොයා ගැනීමට යුධ හමුදා භටපිරිස් සමත්ව ඇත.
එම තරුණිය වැඩිදුර ප්‍රථිකාර සඳහා නුවරඑළිය රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු නුවරඑළිය පොලිස්ථානය මගින් මේ පිළිබඳ වැඩිදුරු පරික්‍ෂණ සිදුකරනු ලබයි.
සංසිද්ධියේ ඡායාරූප පහතින්








Comments
Post a Comment
Your comment will be visible after approval