
අත්ලාන්තික් සාගරයේ ස්පාඤ්ඤයට අයත් ලා පැල්මා දූපතේ ගිනිකන්දක් ඉරිදා පුපුරා යාමෙන් පසු කඳුකරයේ හුදෙකලා නිවාස වෙත ලාවා ගලා එන්නට පටන්ගත් බවත් මිනිසුන් දහසකට වැඩි පිරිසක් ඉවත් කිරීමේ කටයුතු වේගවත්ව කිරීමට බලධාරීන්ට සිදුවූ බවත් වාර්තාවේ.
කැනරි දූපත් ගිනිකඳු විද්‍යා ආයතනය වාර්තා කළ පරිදි කළු සහ සුදු දුමාරයක් සහිත විශාල රතු පිහාටු සහිත ගිනි කැරළි කඳු මුදුනෙන් ඉවතට විසිවී ගිය බවත් එහි මතුපිට දියවී ගිය ලාවා සමුච්චය වීම නිරීක්ෂණය කළ හැකිවූ බවත් වාර්තා කර ඇත.
පිපිරුම සිදුවුනේ ගිනිකන්දේ බටහිර බෑවුමේ කබේසා ද වැකා නම් ප්‍රදේශයට වන අතර එය වෙරළ දෙසට නැඹුරුවූ පෙදෙසකි.
ගම්මානයේ සමහර නිවෙස් දෙසට ලිස්සා යමින් තිබූ කළු ලාවා ගලා යාම් අනතුරුදායක බව දුටු එල් පැසෝ නගරාධිපති සර්ජියෝ රොඩ්‍රිගුස්ගේ වහාම අනතුරට පත් පුද්ගලයින් 300 දෙනෙකු තම නිවෙස් වලින් ඉවත් කර එල් පැසෝ පාපන්දු පිටියට යැව්වේය.
පිපිරීම හේතුවෙන් මාර්ග වසා දමා තිබූ අතර කුතුහලය පිණිස කිසිවෙකු එම ප්‍රදේශයට නොයන ලෙස බලධාරීහු ඉල්ලා සිටියහ.
85,000 ක ජනගහනයක් සහිත ලා පැල්මා යනු අප්‍රිකාවේ බටහිර වෙරළට ඔබ්බෙන් පිහිටි ස්පාඤ්ඤයේ කැනරි දූපත් සමූහයේ පිහිටි දූපත් අටෙන් එකකි.
ස්පාඤ්ඤයේ ජාතික භූ විද්‍යා ආයතනයේ භූ කම්පන විද්‍යාවේ ප්‍රධානී ඉතාහිසා ඩොමින්ගුස් පැවසුවේ මෙම පුපුරා යාම කොපමණ වේලාවක් පවතිනු ඇත්දැයි කීමට නොහැකි බවයි. “කැනරි දූපත් වල පුපුරා යාම සති හෝ මාස ගණනක් මීට පෙර පැවතුනා” ඔහු කියා ඇත.
(ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත ඇසුරිනි - Gossiplankanews.com)



Comments
Post a Comment
Your comment will be visible after approval