
ආර්ථික අර්බුදය හේතුවෙන් තවත් දිගු කලක් යනතුරු ශ්‍රී ලංකාවට වාහන ආනයනය නතර කරනු ඇති බවට වාර්තා පළව තිබෙන අතර ඊයේ වාර්තාවූයේ කොටස් ආනයනය කර දේශීය වශයෙන් එකලස් කරන වාහන ව්‍යාපාර වලට කැබිනට් අනුමැතිය ලැබුණ බවයි.
දේශීය නිෂ්පාදනවල පෙරලියක් සිදු කරමින් ශ්‍රී ලංකාව තුළ මෝටර් රථ නිෂ්පාදනය ආරම්භ කර ඇති බව
සෙනාරෝ මෝටර් රථ සමාගම දන්වා ඇත.
ඔවුන් නිෂ්පාදනය කළ යතුරු පැදි හා මෝටර් රථ හදුන්වා දීම ක්‍රීඩා අමාත්‍යංශයේ දී සිදු වූ අතර ඇමති නාමල් රාජපක්ෂගේ නිරීක්ෂණයට ලත්විය. ත්‍රි රෝද රථ මෙන්ම ට්‍රක් රථ ද මෙම නිෂ්පාදන අතර වන බව පැවසේ.
දේශීය වශයෙන් ලබා ගත් කොටස් 35% ක් සහ විදේශ 50% ක් යොදා ගනිමින් මෙරටදී නිෂ්පාදිත යතුරු පැදිය සහ ATV වර්ගයේ විශේෂ යතුරු පැදිය මෙහිදී එළි දැක තිබේ.




Comments
Post a Comment
Your comment will be visible after approval