රාජගිරිය සහ බුත්ගමුව පාරේ පිහිටි කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ මධ්‍යස්ථාන දෙකක් වටළා කාන්තාවන් පිරිසක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.


අන්තර්ජාලයේ ඇප් එකක් හරහා පුද්ගලයන් හා සම්බන්ධ කරගෙන මෙහිදී ගණිකාවන් අලෙවි කර ඇත.
නිරෝධායන ඇඳිරි නීතිය පැවැති කාලයේ අවස්ථා හතරකදී වැටලීම් කොට මෙම ස්ථාන දෙකෙහි කාන්තාවන් 14 දෙනකු අත්අඩංගුවට ගෙන තිබූ නමුත් ඔවුන් මෙම ක්‍රියාකාරකම නවතා නැත. පෙරේදා (1 වැනිදා) යළි වටලා තවත් කඹුරුපිටිය ඇඹිලිපිටිය සහ බුලත්සිංහල පදිංචි කාන්තාවන් 3 ක් අත්අඩංගුවට ගෙන ඇත.
රාජගිරිය නගර මධ්‍යයේ දෙමහල් ගොඩනැගිල්ලක කුලී කාමරයක එක් මධ්‍යස්ථානයක්ද බුත්ගමුව පාරේ කුලී නිවසක තවත් මධ්‍යස්ථානයක්ද පවත්වා ගොස් ඇත.
රුපියල් 1500 සිට රුපියල් 4000 දක්වා මුදල් අයකර සේවා ලබාදී ඇති අතර ගොඩනැගිලි සඳහා දිනකට කුලිය රුපියල් 10000 බැගින් ගෙවා ඇත. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.