South Korea says it is developing a more powerful missile against North Korea

උතුරු කොරියාවට එරෙහිව එතෙක් මෙතෙක් නිපදවූ වඩාත් බලගතුම බැලස්ටික් මිසයිලය නිපදවන බව දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. එරට රාජ්‍ය පුවත් සේවය පවසන ආකාරයට මෙම මිසයිලය සතුව ටොන් 3ක් පමණ වන පිපිරුම් ද්‍රව්‍ය අඩංගුව පවතී.



වසර 2022 - 2026 දක්වා වන දකුණු කොරියානු ආරක්ෂක වියදම් යටතේ මෙම කරුණු ඇතුළත්ව තිබේ. ඒ අනුව උතුරු කොරියාවට එරෙහි අය වැය යෝජනා පිළිබඳව අනාවරණය කරමින් දකුණු කොරියාව මෙම කරුණු හෙළිදරව් කර තිබේ.මේ සම්බන්ධයෙන් අදහස් දක්වන දකුණු කොරියාවේ ආරක්ෂක අමාත්‍යාංශය, "අපි නවීනතම, වඩාත් දියුණු කළ බලයක් සහිත නවතම මිසයිල නිපදවීමක් සිදු කරාවි." යනුවෙන් පවසා තිබේ.

එසේම දිගුදුර මිසයිලවලට එරෙහිව ක්‍රියාත්මක වන නව ආරක්ෂක පද්ධතියක් පිහිටුවීමටද දකුණු කොරියාව මෙහිදී මුදල් වෙන්කර තිබේ.මෙම නව බැලස්ටික් මිසයිලය සතුව කිලෝමීටර් 350ත් 400ත් අතර දුරකට ගමන් කළ හැකි බවත්, එහි ඇති පුපුරණ ද්‍රව්‍ය මගින් භූතගම පිහිටි පරිශ්‍රයක් වුවද විනාශ කළ හැකි බවත් සඳහන් වෙයි. විශේෂයෙන්ම උතුරු කොරියාව එරට භූගතව පවත්වාගෙන යන න්‍යෂ්ටික අවි ගබඩා මෙහිදී ඉලක්කය විය හැකි බවද උතුරු කොරියානු මාධ්‍ය පවසයි.