
ඉන්දියාවේ සේවය සඳහා පත්ව ආ නව බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇලෙක්ස් එලිස්, ඉන්දියාවේ ආහාර වර්ගයන්හි රසය පිළිබඳ විශාල කුතුහලයකින් කටයුතු කරමින් සිටින බව ඉන්දීය මාධ්‍ය මේ දිනවල වාර්තා කර තිබේ.
ඔහු මසාල තෝසේ අත්හදා බැලීමෙන් පසු එය ඉතා රසවත් යයි ප්‍රතිචාර දක්වා ඇති අතර එලිස් මහතා දැන් පාන් බනිස් ගෙඩියක දමා ගැඹුරු තෙලේ බැදගත් අර්තාපල් ඩම්ප්ලිං වලින් සමන්විත මහාරාෂ්ට්‍රියානු ක්‍ෂණික ආහාරයක් වන ‘වඩ පාවෝ‘ භුක්ති විඳිමට සිත ගොස් තිබේ.
එලිස් මහතා ඉන්දියාවේ මුම්බායි හි සිටින අතරවාරයේ ඉහළ ප්‍රාන්ත රජයේ නිලධාරීන් සහ දේශපාලන නායකයින් හමුවෙමින් කෙතරම් කාර්‍යබහුල වුවත්, නගරයේ වඩ පාවෝ කෑමට කාලය තිබෙන බවට අදහස් පළ කර තිබේ.
ඔහු ඉන්දියානු ආහාර ගනිමින් සිටින ඡායාරූපයක්ද ට්විටර් ඔස්සේ හුවමාරු කරගනිමින් මේ බව පවසා තිබුණි.
(එන්ඩීටීවී ඇසුරිනි- gossiplankanews.com )

Comments
Post a Comment
Your comment will be visible after approval