
පසුගිය 31 වැනිදා බේරුවල මුහුදේදී අත්අඩංගුවට ගත් කිලෝග‍්‍රෑම් 288 රුපියල් කෝටි දෙසීය අසූඅටක් වටිනා හෙරොයින් තොගය සම්බන්ධ පරීක්ෂණවලදී එම ආනයනයේ මහමොළකරු චමින්ද තාබ්‍රේව් හෙවත් බොබ්මාලි බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් හඳුනාගත් අතර ඔහු සොයා මෙහෙයුම් කිරීමට
යාමේදී ඔහු සියලුම තැන්වලින් අතුරුදන් බවට තොරතුරු වාර්තා විය.
මේ නිසා ඔහුගේ ඡායාරූප පොලිස් මාධ්‍ය ඒකකය හරහා සියලුම මාධ්‍ය වෙත යොමු කර ඔහු සොයා දෙන ලෙස පොලිසිය මහජන සහය පතන ලදි.
මෙම ප්‍රවෘත්තිය කණවැකීම නිසා බියට පත්වූ බොබ් මාලි ඔහුගේ ගායක අනුකාරක කොණ්ඩය කපාදමන්නට තීරණය කර තිබූ අතර එය කැපූ පසු ඔහුව හඳුනාගන්නට බැරි වෙනු ඇතැයි කල්පණා කර තිබුණි. නමුත්
09 දා අලූයම ඔහු ගැන ලැබුණ ඔත්තු ඔස්සේ විමර්ශනය කළ පොලිසිය ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු ඇල්පිටිය ප‍්‍රදේශයේ පදිංචි සිය අනියම් බිරිඳගේ නිවසේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් බව මත්ද්‍රව්‍ය නාශක අංශය දන්වා තිබුණි.
අත් අඩංගුවෙට ගන්නා අවස්ථාවෙ බොබ් මාලි නමැති මෙම 41 හැවිරිදි මත්ද්‍රව්‍ය ජාවාරම්කරු දිගු කොණ්ඩය කොටට කපා සිය ස්වරූපය වෙනස් කරගෙන සිටි බව පොලිසිය පවසයි.ප‍්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන මධුෂාන් නමැත්තා මෙරටට යොමු කළ කිලෝග‍්‍රෑම් 288 මත්කුඩු තොගය බේරුවලට ගෙන්වා ඇත්තේ බොබ්මාලි විසින් බව හෙළි වී ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval