
ජර්මනියේ මහ බැංකුව පවසන්නේ පසුගිය ජූලි මාසයේදී එරට සමහර ප්‍රදේශවලට බලපෑ දරුණු ගංවතුරෙන් පසුව යුරෝ මිලියන 50 කට (ඩොලර් මිලියන 59 කට) වැඩි හානියට පත් බැංකු නෝට්ටු හානියට පත්වී ඒ වෙනුවට අලුත් නෝට්ටු නිකුත්කරන්නට සිදුවූ බවයි.
පුද්ගලයින් සගංවතුරේ පොඟවා ගත් සහ බොහෝ විට තෙල්, අපද්‍රව්‍ය හෝ මඩ වලින් අපවිත්‍ර වූ නෝට්ටු බැංකුවලට භාර දී ඇති අතර ව්‍යාජ හා හානි වූ මුදල් විශ්ලේෂණය කරන මධ්‍යස්ථානයක ඒවා වියළා, සකසා ගන්නට උත්සාහ කර ඇති අතර එසේ නොහැකි ඒවා විනාශ කර එහි අයිතිකරුවන්ට නව මුදල් ලබාදීම සිදුව ඇත.
සාමාන්‍යයෙන් වසරකට යුරෝ මිලියන 40 ක හානි වූ මුදල් එකී මධ්‍යස්ථානයට ලැබෙන බව බැංකුව පැවසූ අතර මේ වසරේ ජූලි මැද සිට අගෝස්තු අවසානය දක්වා පමණක් බටහිර ජර්මනියේ ගංවතුරට ගොදුරු වූ ප්‍රදේශවලින් එයට යුරෝ මිලියන 51 වටිනා නෝට්ටු ලැබුණි. වෙනත් බොහෝ යුරෝපීය රටවල මිනිසුන් කාඩ්පත් භාවිතය ඉහළ නමුත් ඒ අයට වඩා ජර්මානුවන් තවමත් මුදල් භාවිතා කිරීමට නැඹුරු බව කියැවේ.
ජූලි මස ගංවතුරින් ජර්මනියේ පුද්ගලයින් 180 කට වැඩි පිරිසක් මිය ගිය අතර අසල්වැසි බෙල්ජියමේ ද ජීවිත අහිමි විය.
( ඒපී පුවත් ඇසුරිනි- gossiplankanews.com )




Comments
Post a Comment
Your comment will be visible after approval