
පසුගිය දා කොරෝනා මර්දන තාක්ෂණික කමිටුවෙන් වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ඉවත්ව තිබුනේ
කමිටු ගන්න ඇතැම් තීරණ වලට එකග විය නොහැකි බව හා කමිටුවේ තීරණ ක්‍රියාත්මක නොවී වෙනත් තීරණ රජය ක්‍රියාත්මක කරන බව දක්වමිනි.
මේ අතර කමිටුවේ තවත් සාමාජිකයෙකු වන කළුබෝවිල රෝහලේ විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතාද එම කමිටුවෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තාවේ.
නිර්වින්දන වෛද්‍ය සංගමයේ සභාපති ලෙසද කටයුතු කරන අශෝක ගුණරත්න වෛද්‍යවරයා වසර එකහමාරක කාලයක් මෙම කමිටුවේ වැඩකටයුතු වලට සහභාගී විය.
ඔහුගෙන් කළ විමසීමකදී ඔහු පවසා ඇත්තේ තමාගෙන් එම කමිටුවට යහපතක් සිදුවන බව නොසිතූ නිසා ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඔහුගේ ලිපිය යොමු කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval