
‘මැණිකේ මගේ හිතේ’ ප්‍රති නිර්මාණ ගීතය නිසා ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකම අතිශය ජනප්‍රිය වූ මෙරට නව පරපුරේ ගායිකාවක් වන යොහානි ද සිල්වා සංගීත ප්‍රසංග දෙකක් ඉන්දියාවේ පැවත්වීමට නියමිතව තිබෙයි.
ඒ අනුව ලබන 30 වැනිදා සහ ඔක්තෝබර් 3 යන දිනවල ඉන්දියාවේ නවදිල්ලියේ ගුරුග්‍රෑම් සහ හයිද්‍රාබාද්හි තම සංගීත ප්‍රසංගයක් පැවැත්වෙන බව යොහානි ද සිල්වා පවසයි.
30 වැනිදා ගුරුග්‍රෑම් හී ස්ටූඩියෝ එක්ස් ඔ හිදීත් , ඔක්තෝබර් 03 වැනිදා හයිද්‍රාබාද්හී හාට් කප් අවහන්හලේදී මෙම සංගීත ප්‍රසංග දෙක පැවත්වෙන බව ඇය සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් පළ කරමින් සඳහන් කරයි.
සැම විටම ඉන්දියාවේ ප්‍රසංගයක් පැවැත්වීමට තමාට අවශ්‍ය වූ බවත් , අවසානයේ එය සිදු වූවා යැයි තමාට විශ්වාස කළ නොහැකි යැයිද ඇය එම සටහනේ වැඩිදුරටත් සදහන් කර ඇත.
ඉන්දියාවේ ප්‍රකට ජනමාධ්‍ය ආයතනයක් වන සී ලයිව් ඉන්ඩියා සමාගම හා සූපර් මූන් යන ආයතනය යොහානී ගේ මෙම සංගීත ප්‍රසංග දෙක සංවිධානය කරනු ලබයි.
Comments
Post a Comment
Your comment will be visible after approval