ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මාදිවෙල පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් අක්කර 37යි, රූඩ් එකයි පර්චස් 20.44ක ඉඩම් කොටසක් කුරුළු උද්‍යානයක් ඉදිකිරීම සඳහා  colombo bird park පෞද්ගලික සමාගමට ලබාදීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යවරයා යෝජනාවක් ඉදිරිපත් කළ අතර එයට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙයි.
මෙම ඉඩම් කොටස තුළ සැලසුම් කිරීම, මූල්‍ය ප්‍රතිපාදන යෙදවීම, ඉදිකිරීම සහ ක්‍රියාත්මක කිරීම යන පදනම යටතේ කුරුලු උද්‍යාන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත.


ව්‍යාපෘතිය වසර 30ක කාලයකින් පසු ව නැවත රජයට භාර දෙන (B.O.T) ව්‍යාපෘතියක් ලෙස කතාබහට ලක්වුණත් අදාළ ලියැවිල්ලේ එවැන්නක් පැහැදිලි කර නැතැයිද පැවසේ.
මේ සඳහා තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ යෝජනා කැඳවා තිබුණු අතර අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුව විසින් එම ටෙන්ඩරය කලම්බූ බර්ඩ් පාර්ක් (colombo bird park) පෞද්ගලික සමාගමට  වසර 30ක කාල සීමාවක් සඳහා  බදු පදනම මත ලබාදී ඇතැයි දක්වා ඇත.