සෑම පුන් පොහෝ දිනකම පවත්වන “අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාවේ 214 වැන්න බිනර පුන් පොහොය යෙදුන අද (20) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.




ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රී 12 ට පමණ විදෙස් සංචාරය නිමවා ශ්‍රී ලංකාවට පැමිණීම හේතුවෙන් ගමන් විඩාව නිවමින් විවේකයෙන් කලගත කළ නිසාදෝ  අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු සීමිත පිරිසක් සමග මෙවර ධර්මදේශනය පැවැත්විණි. මැදගමුවේ විජය මෛත්‍රී නාහිමියෝ ඊට සහභාගී වූහ.