
තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ පාලනය තමන් සතු කරගැනීමෙන් අනතුරුව එහි මාධ්‍ය ප්‍රකාශකවරයා සමග සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූ එරට TOLO NEWS නාළිකාවේ නිවේදිකාව වන බෙහෙෂ්ටා අර්ඝන්ද් එරටින් පිටව ඇතැයි වාර්තා වෙයි.මෙම නාළිකාව ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක එකම ජාත්‍යන්තර පුවත් නාළිකාව ලෙසින්ද සැලකෙයි. එහිදී ඇය තලේබාන් මාධ්‍ය ප්‍රකාශක මව්ලව් අබිදුල්ලාහක් හෙමාඩි සජිවීව සම්මුඛ සාකච්ඡාවකට එක්කරගත් අතර, එම සාකච්ඡාව ලොව පුරා කාගේත් අවධානයට යොමුවිය.
ඇෆ්ගන් කාන්තාවක් ඉහළ නිලධාරියෙකු හා රූපවාහිනී සාකච්ඡාවක් පැවැත්වූ පළමු වැනි අවස්ථාවද මෙය විය. මෙම සාකච්ඡාවේදී ඇය තලේබාන්වරුන් යටතේ කාන්තාවන්ට හිමිවන අයිතිවාසිකම් සම්බන්ධයෙන්ද විමසීමක් සිදු කළාය. රටින් පිටවීමෙන් අනතුරුව සීඑන්එන් පුවත් සේවය වෙත අදහස් දක්වා ඇති ඇය, "මිලියන ගණනාවක ජනතාවක් වගේ මමත් මගේ රටින් පිටවුණා. මම තලේබාන්වරුන්ට බයයි.
තලේබාන්වරුන්යටතේ ඇෆ්ගනිස්තානයේ තත්වය අයහපත්වුණත්, දැන්මම දන්නවා මම ආරක්ෂිතයි කියලා. මට තර්ජනයක් නැත්නම් මම ආයිත් මගේ මව් බිමට ගිහිල්ලා මගේජනතාව වෙනුවෙන් සේවය කරනවා." යනුවෙන් ඇය පවසා තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval