
දඹුල්ල - බකමූණ ප්‍රධාන මාර්ගයේ බුදු මැදුරක පින් කැටය කඩා පැන යමින් සිටි පුද්ගලයෙකු යතුරුපැදියකින් ඇද වැටී මිය ගියාය කියන සිද්ධිය ඝාතනයක් බවට දැනට සිදු කරන පරික්ෂණවලදී අනාවරණය වී ඇතැයි දඹුල්ල පොලීසිය පවසයි.
දඹුල්ල ජලාශ පාර ප්‍රදේශයේ පදිංචි පසිදු ෂෙහාන් කරුණාතිලක (23) නමැත්තෙකු මෙම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත. මෙම ඝාතන සිද්ධියට සම්බන්ධ එක් පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බවත් තවත් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි දඹුල්ල මූලස්ථාන පොලිස් පරික්ෂක එස්.පී. එදිරිසිංහ මහතා පැවසීය.මෙම තරුණයා පසුගියදා දඹුල්ල බකමූණ ප්‍රධාන මාර්ගයේ බුදු මැදුරක සවි කොට තිබූ පින් පෙට්ටියක් කඩා එහි මුදල් රැගෙන යමින් සිටියදී තවත් පිරිසක් ලුහුබැද තිබෙන බවත් පසුව ඔහු යතුරුපැදියෙන් ඇද වැටී තුවාල වූ බවත් තරුණයන් පිරිසක් දඹුල්ල පොලීසියට ප්‍රකාශ කොට තිබිණි.
ඒ අනුව පොලීසිය විසින් අදාළ තරුණයා දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබිණි.
ලද තොරතුරු පිළිබඳ දඹුල්ල පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වද්දී එවැනි පින් පෙට්ටියක් කැඩීමක් සිදුවී නොමැති බවත් එය තරුණයාට පහරදුන් පුද්ගලයන් පරික්ෂණ නොමග යැවීමට ගෙතු කතාවක් බව අනාවරණය වී තිබේඅනතුරුව පොලීසිය මෙම තරුණයාගේ පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාව පරීක්ෂ කොට බැලීමේදී හිසට තදබල පහරක් එල්ල වීමෙන් අදාළ මියගිය බවට වාර්තා වී ඇතැයි මූලස්ථාන පොලිස් පරික්ෂක එස්.පී. එදිරිසිංහ මහතා සදහන් කළේය. ඒ අනුව මෙම තරුණයා කිසියම් කණ්ඩායමක් විසින් රැගෙන ගොස් පහර දී ඝාතනය කොට පොලිස් පරීක්ෂණ නොමග යැවීමට සහ මෙම සිද්ධිය යටපත් කිරීමට ගෙතු කතාවක් බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.
(දඹුල්ල එස් .කරුණාරත්න)
Comments
Post a Comment
Your comment will be visible after approval