The-Faizer-vaccine-was-sent-to-Hambantota-because-the-President-said-so---Dr.-Asela

ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැහැදිලි කරනු ලැබුවේ ෆයිසර් එන්නත හම්බන්තොට වයස 20-30 කාණ්ඩය සඳහා යොමු කළේ ජනපති ප්‍රමුඛ රජය කළ ඉල්ලීම නිසා බවය. කොවිඩ් මර්දන කමිටුවේදී මෙම තීරණය ලබාගත්තේ යයි ඔහු පැවසීය.


බස්නාහිර පළාතේ තරුණ තරුණියන්ට සයිනොෆාම් චීන එන්නත ලබාදෙද්දී හම්බන්තොටට පළමු කොටම ෆයිසර් ඇමරිකානු එන්නත ලබාදීම ‘විශේෂයෙන් සැලකීමක්‘ලෙස ආන්දෝලනයට තුඩුදෙමින් සමාජ මාධ්‍ය තුළ සාකච්ඡාවට ලක්ව තිබෙන අතර රාජපක්ෂ පවුලේ උපන්බිමට සැලකීමක් ලෙස එය විවේචනයටද ලක්ව තිබුණි.
කෙසේ වෙතත් මෙම කාරණාවට විවිධ වෛද්‍යවරුන්ද විවිධ අර්ථකථන සපයා තිබූ අතර හම්බන්තොට වරාය ආසන්න නගරයක්වීම නිසා ෆයිසර් එන්නත් ලබාදීම අත්‍යවශ්‍යවූ බව ඇතැම් අය කරුණු දක්වා තිබුණි.


සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගෙන් ප්‍රශ්න අසන මාධ්‍යවේදියා වෛද්‍ය විද්‍යාත්මකව හම්බන්තොටට ෆයිසර් ලබාදීම අවශ්‍යද යන්න විමසුවේ නැති අතර ඔහු අසන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය ලංකාවේ හම්බන්තොටට එය ලබාදෙන්න කීවාදැයි ලෙසිනි. එයට පහසුවෙන් උත්තර දෙන අධ්‍යක්ෂ ජනරාල් වරයා එවැනි තීරණයක් ලබාගන්නේ නැති බව දැන්වීය.


ඉදිරියේදී වයස 20 ට පහළ පාසල් සිසුන්ට ෆයිසර් එන්නත ලබාදීමට අවශ්‍ය වුවොත් තොග මදිවනවාදැයි ඇසූ පැනයට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පිළිතුරු සපයා තිබුනේ එවැනි ගැටලුවක් පැන නොනගින බවත් ඔක්තෝබර් මාසයේ තවත් මිලියන 4 ක් ලැබෙන්නට නියමිත බවත්ය.
 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පැහැදිලි කිරීම video පහතින්