
COVID-19 වෛරසයේ ඩෙල්ටා ඇතුළු නව ප්‍රභේදවලට එරෙහිව සාර්ථක ලෙස ක්‍රියාත්මක වන නව එන්නත් සහ ඖෂධ හඳුන්වාදීමට චීනයේ Sinopharm ආයතනය පියවර ගෙනතිබේ.
පසුගිය සෙනසුරාදා ආරම්භ වුණු චීනයේ සේවා සඳහා වන ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනයේදී (CIFTIS) මෙම නවතම එන්නත් සහ ඖෂධ හදුන්වාදීම සිදුවිය.
ඒ අනුව මෙහිදී Sinopharm සමාගම මගින් COVID-19 වෛරසයේ නව ඩෙල්ටා සහ බීටා ප්‍රභේදවලට එරෙහිව ක්‍රියාත්මක වන වඩාත් සාර්ථක එන්නත් නිපදවා ඇතැයි එහි ප්‍රධාන ව්‍යාපෘති නිලධාරී සු ජින්ග්ජින් පවසා තිබේ.
එසේම මෙම ප්‍රභේදවලට එරෙහිව ක්‍රියාත්මක කළ හැකි දෙවැනි පරම්පරාවේ ප්‍රතිසංයෝජිත ප්‍රෝටීන අඩංගු එන්නතක්ද මේ වනවිටත් අත්හදා බැලීමක යොදවා තිබෙන බවත් සඳහන් කර ඇත.
චීනයට හා ගෝලීයවද අවශ්‍ය කෙරෙන COVID-19 මර්දන එන්නත් නිෂ්පාදනය වෙනුවෙන් සිය වාර්ෂික එන්නත් නිෂ්පාදනය මාත්‍රා බිලියන 5ක් දක්වා ඉහළ නැංවීමට මේ වනවිට කටයුතු යොදා තිබෙන බවද Sinopharm සමූහය සදහන් කර තිබේ.
මේ අතර COVID-19 වෛරසයට එරෙහිව චීනය තුළ ලබාදී ඇති එන්නෙත් මාත්‍රා සංඛ්‍යාව මිලියන 2.1ක් බව එරට ජාතික සෞඛ්‍ය කොමිසම ඊයේ (05දා) අනාවරණය කර තිබුණි. ඒ අනුව මෙය එරට තුළ එන්නත්කරණය සදහා සුදුසුකම් ලබා ඇති වයස් සීමාවේ ජනගහනයෙන් විශාල ප්‍රමාණයක් බව ඔවුන් පවසා තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval