එල්.ටී.ටී.ඊ සංවිධානය සක්‍රීයව පැවති සමයේ එම සංවිධානයේ ප්‍රධාන භාෂා පරිවර්ථක ලෙසින්
කටයුතු කරන ලද ජෝර්ජ් මාස්ටර් ලෙසින් හැඳින්වූ වේලුපිල්ලෙයි කුමාර් පංචරත්නම් ඊයේ (05) දින
යාපනයේදී මිය ගොස් තිබෙයි.



යාපනය කයිතඩි ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි නිවාසයක අවසන් කාලය ගෙවා තිබූ ජෝර්ජ් මාස්ටර් මිය යන
විට 85 වැනි වියේ පසු විය.

ඊයේ දින ජොර්ජ් මාස්ටර් මිය යාමෙන් පසුව ඔහුගේ උපන් ප්‍රදේශය වූ මුලතිව් මල්ලාවි ප්‍රදේශයට මළ
සිරුර රැගෙන යාමෙන් අනතුරුව නිරෝධායන නීතීන්ට අනුව ඊයේ දිනම මල්ලාවි පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කර තිබෙයි.

ජෝර්ජ් මාස්ටර් නොහොත් වේලුපිල්ලේ කුමාර් පංචරත්නම් එල්.ටී.ටී.ඊ. සංවිධානය පැවති සමයේදී එම
සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ප්‍රධාන භාෂා පරිවර්ථක ලෙසින්ද රජය සහ කොටි
සංවිධානය අතර වූ සාම සාකච්ඡා සමයේදීද භාෂා පරිවර්තක ලෙසින් කටයුතු කිරීමේදී ජාත්‍යන්තරයේදී
වඩාත් ප්‍රසිද්ධිය පත් වූ පුද්ගලයෙකි.

ජෝර්ජ් මාස්ටර් 1936 දී උපත ලබා තැපල් ස්ථානාධිපතිවරයෙක් වශයෙන් මුලදී සේවය කොට ඇති අතර
පසුව 1994 දී එල්.ටී.ටී.ඊ සංවිධානයේ ප්‍රධාන භාෂාපරිවර්ථක ලෙසින් එක්ව යුද්දය අවසන් වකවානුව
දක්වාම කටයුතු කරන ලදි.

(වන්නි - රොමේෂ් මධුෂංඛ)