CCTV footage shows drain lifting at Rajagiriya Junction

නාවලපාරේ රාජගිරිය හන්දිය ආසන්නයේ මාර්ගය දෙපස ජල කානු ආවරණයට සවිකර තිබූ රුපියල් හැත්තෑ පන්දහසක් වටිනා යකඩ  ආවරණ තොගයක් සොරාගත් කාන්තාවක ඇතුළු තිදෙනකු 30 දා  අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලීසිය පවසයි.  

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ,  දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි (26,32,38) වයසේ පදිංචි තිදෙනකු බව පොලීසිය කියයි. නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක අවස්ථාවේදී අත්‍යාවශ්‍ය සේවාවලට යන මුවාවෙන්, ත්‍රිරෝද රථයකින් පැමිණ රාජගිරිය හන්දිය ආසන්නයේ මාර්ගය දෙපස ජල කානු ආවරණයට සවි කර තිබූ යකඩ ආවරණ තොගයක්  මෙසේ සොරාගෙන ගොස් තිබුණි.

 


පසුව මේ පිළිබඳව දුටු යාබද ගොඩනැගිල්ලක හිමිකරුවකු කාර්යාලයේ ආරක්ෂක කැමරා පද්ධතිය පරික්ෂා කිරීමේදී, කාන්තාවක් සහ පුද්ගලයන් දෙදෙනකු අවස්ථා තුනකදී පැමිණ ඉතා සූක්ෂම ලෙස මෙම යකඩ ආවරණ ත්‍රිරෝද රථයට පටවාගෙන යන අයුරු දැක තිබුණි.  පසුව මේ පිළිබඳව වැලිකඩ  පොලීසියට කළ පැමිණිල්ලකට අනුව, ත්‍රිරෝද රථයේ අංකය ඔස්සේ විමර්ශන සිදු කොට, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.


 -ශාන්ත ප්‍රදීකුමාර කුලරත්න-