
රටපුරා පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවත් සති දෙකකට හෝ දීර්ඝ විය යුතු බව තමාගේ පෞද්ගලික මතය යැයි කොරෝනා මර්දන රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.
කොවිඩ් ආසාදිතයන් පන්දහසක් පමණ දෛනිකව වාර්තා වුවද විශේෂඥ මතය අනුව සමාජයේ ආසාදිතයන් පනස් දහසක් පමණ සිටින බවද ඇය සඳහන් කළාය.
කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් ඇය මේ බව ප්‍රකාශ කළාය.
දිනකට වාර්තා වන කොරෝනා ආසාදිතයින් මෙන් 09 ගුණයක් පමණ ආසාදිතයින් ප්‍රමාණයක් සමාජය තුළ සිටිය හැකි බව සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දී ඇති බවද ඇය වැඩිදුරටත් කියා සිටියාය.
දැනට පනවවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය ලබන 06 වනදා අවසන් කිරීමට නියමිත අතර ඒ ගැන තීරණය වෙනස් වන්නේ නම් ලබන සිකුරාදා (3) රැස්වන ජනපති කාර්ය සාධක බලකායේදී තීරණයක් ගනු ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval