5.8-magnitude-earthquake-shakes-Australia-Melbourne-buildings-damaged

ඕස්ට්‍රේලියාවේ, වික්ටෝරියා ප්‍රාන්තයේ අද උදෑසන 9.15 ට පමණ (ශ්‍රී ලංකා වේලාවෙන් 4.45 ට පමණ) රිච්ටර් මාපකයේ ඒකක 5.8ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් සිදුව ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ. 
මැන්ස්ෆීල්ඩ් අසල වුඩ්ස් පොයින්ට් නගරයට ඔබ්බෙන් මෙම භූමිකම්පාවේ කේන්ද්‍රය හඳුනාගෙන තිබෙන අතර මෙහි කම්පන තත්වයන් කිලෝමීටර් 700 ක් පමණ ඈතින් පිහිටි සිඩ්නි, ඩබ්බෝ සහ ලෝන්ස්ටන් නගරවලටද දැනී තිබේ.
මෙම භූමිකම්පාව හේතුවෙන් ප්‍රධාන වශයෙන් මෙල්බර්න් සහ මෑන්ස්ෆීල්ඩ් වල ගොඩනැගිලි හානි 46 ක් වාර්තා වී ඇත. ජීවිත හානි ගැන තවම වාර්තා නොවේ.


පළමුව මෙම භූමිකම්පාවේ ප්‍රබලත්වය රිච්ටර් මාපකයේ ඒකක 6ක් ලෙස සටහන්ව තිබු අතර පසුව එය 5.8ක් ලෙස නිවැරදි කරන ලදි. භූමිකම්පාවේ ප්‍රබලත්වය තත්ත්පර 30ක කාලයක් දැනුණු බව වාර්තා කර තිබේ.

මෑත ඉතිහාසයේදී වසර 200 ක් තුළ ප්‍රාන්තයේ අත්දුටු සුවිසල්ම භූමිකම්පාව එය විය හැකි බව මාධ්‍ය වාර්තා වල දැක්වේ.
     වින්ඩ්සර්හි චැපල් වීදියේ ගොඩනැගිල්ලක බිත්තිය කඩා වැටුණු අතර නගරය පුරාම ගඩොල් වැඩවලට හානි සිදුවී ඇති අතර පදික වේදිකාවේ ඉරිතැලීම් වාර්තා විය.
     මෙම අවස්ථාවෙහිදී සැලකිය යුතු හානියක් ගැන මැන්ස්ෆීල්ඩ් ෂයර් කවුන්සිලය වාර්තා කර නොමැත. ප්‍රදේශවාසීන් පැවසුවේ  ගොඩනැගිල්ල හරහා විශාල ට්‍රක් රථයක් එන බවක් දැනුන බවයි.
(Gossiplankanews.com)

සිදුවීම ගැන මේ දක්වා වාර්තාවූ ඡායාරූප හා වීඩියෝ කිහිපයක් පහතින්