
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම අන්තර් හුවමාරුවේ මුදල් භාරව කටයුතු කළ මුදල් අයකැමිවරයකු මූල්‍ය වංචාවක් සිදු කිරීම නිසා අත්අඩංගුවට පත්ව තිබේ.
ඔහු අන්තර් හුවමාරුවේ සේප්පු දෙකක තිබු රුපියල් 1,418,500ක මුදල සොරකම් කර ඇතැයි වාර්තා විය.
පසුගිය අගෝස්තු මස 31 වන දින සිට අවස්ථා කිහිපයක දී සේප්පු හැර මුදල් රැගෙන ගොස් ඇති ඔහු එම මුදල් ඔහුගේ පෞද්ගලික ණය පියවීමට යොදා ගෙන ඇතැයි පැවසේ. ලක්ෂ 10 කට වැඩි මුදලක් ඔහු වියදම් කර හෝ වෙනත් අයට ලබාදී ඇති අතර අත්අඩංගුවට පත්වු අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී රුපියල් 384,000ක මුදල් පොලිසිය සොයාගන්නා ලදි.
සැප්තැම්බර් මස 11 වන දා බණ්ඩාරගම පොලීසියට සිදුකල පැමිණිල්ලක් අනුව බණ්ඩාරගම පොලීසිය හා පානදුර අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදුකළ විමර්ශනයකින් මොහුව කොටු කරගෙන තිබේ.
මෙම පුද්ගලයා සූදු සෙල්ලම් කිරීමට ඇබ්බැහිවුවෙක් බව ද මෙම මුදල් ඒ සඳහා වියදම් කර ඇතැයි දැනට කෙරෙන විමර්ශන අනුව හෙළිව ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
සැකකරු අද (18) දින පානදුර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval