
එක්සත් රාජධානියට පැමිණෙන පූර්ණ එන්නත ලබා ගත් සංචාරකයින් සඳහා PCR පරීක්ෂණ තවදුරටත් අවශ්‍ය නොවන බව එරට රජය දන්වා තිබේ. සැප්තැම්බර් 22 වෙනිදා අලුයම 4 සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකාව රතු සංචාරක ලැයිස්තුවෙන් ඉවත් කර ඇති බව ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඊයේ නිවේදනය කළේය.
එක්සත් රාජධානියේ ප්‍රවාහන ලේකම් ග්‍රාන්ට් ෂැප්ස් පැවසුවේ නවතම සංචාරක ලිහිල් කිරීම් සමඟ ශ්‍රී ලංකාව වැනි ස්ථාන වලින් ආපසු පැමිණෙන පුද්ගලයින්ට තවදුරටත් එක්සත් රාජධානියේ හෝටල් නිරෝධායනය තුළ රැඳී සිටීමට සිදු නොවන බවයි.
ෂැප්ස් මහතා උපුටා දක්වමින් බ්‍රිතාන්‍ය මාධ්‍ය පැවසුවේ, "පූර්ණ එන්නත ලබා ගත් සංචාරකයින් නැවත එංගලන්තයට පැමිණීම සඳහා PCR පරීක්ෂණ තවදුරටත් අවශ්‍ය නොවනු ඇති බවයි"
ශ්‍රී ලංකාවට අමතරව තුර්කිය, පකිස්ථානය, මාලදිවයින, ඊජිප්තුව, ඕමානය, බංග්ලාදේශය සහ කෙන්යාව රතු ලැයිස්තුවෙන් ඉවත් කිරීමට එංගලන්තය තීරණය කර තිබේ.
පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකාව රතු ලැයිස්තුවේ රැඳී සිටි අතර එය ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට දැඩි ලෙස බලපෑවේය. මේ වසරේ ජුනි මාසයේදී බ්‍රිතාන්‍යය එංගලන්තයට ආපසු පැමිණෙන විට හෝටල් නිරෝධායනය අවශ්‍ය වන රතු ගමනාන්ත ලැයිස්තුවට ශ්‍රී ලංකාව එකතු කළේය.
අගෝස්තු මාසයේදී එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන ප්‍රකාශ කළේ සැප්තැම්බර් මාසයේදී එක්සත් රාජධානිය රතු ලැයිස්තුවෙන් ලංකාව ඉවත් කරනු ඇතැයි අපේක්ෂා කරනවා යනුවෙනි.
එම අනාවැකිය ඒ අනුව සඵලවී තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval