Tocilizumab-substandard-drug-sold-for-Rs-70‍ෙ000-for-corona-pneumonia-smuggled-to-Sri-Lanka

ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය නොමැතිව කොවිඩ් - 19 ආසාදිත නිව්මෝනියා රෝගීන් සඳහා ලබාදෙන Toeillizumab නම් බෙහෙත විවිධ සමාගම් මඟින් ප්‍රමිතියකින් තොරව ගෙන්වා තිබීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් පැනනැගී තිබේ.


 රජයේ රෝහල් තුළ  මෙම අවස්ථාව වනවිට මෙකී ඖෂධය නොමැති අතර පෞද්ගලික අංශයේ ඇතැම් රෝහල්වල තිබේ.එම නම සඳහන් ඖෂධ රට තුළට විවිධ පුද්ගලයින් හරහා ලැබෙන බවත්  පෞද්ගලික අංශයේ විවිධ සමාගම් මඟින් ජාතිකඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය යටතේ විවිධ ආකාරයෙන් රට තුළට රැගෙන එමින් පවතින බවත් වාර්තාවන නමුත් ඇතැම් තැනක ලබාදෙන ඒවායේ ප්‍රමිතිය විවිධ බවට තොරතුරු ලැබී ඇත.
ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය නොමැතිව හොර පාරෙන් මෙම එන්නත මෙරටට ගෙන එමින් එවැනි
එක් එන්නතක් රුපියල් ලක්‍ෂ 5ත් 7ත් අතර මුදලකට අලෙවි කරන බවටද  පසුගියදා අනාවරණය වී තිබුණි.
පසුගියදා බොරැල්ලේ ස්ථානයක එවැනි අලෙවිකරමින් සිටි අයෙකු පොලිසියට හසුවූ බවටද වාර්තා පළවිය.


බොහෝ විට හොර පාරෙන් මෙරටට මෙම එන්නත ගෙන එන්නේ විදේශ ගතව සිට මෙරටට එන අයගේ ගමන් මලු තුළ බහා ගෙන බවට සැකයක් පොලිසයට පැනනැගී ඇති අතර
මෙම එන්නත සෙල්සියස් අංශක 2%-8% අතර උෂ්ණත්වයක් ඇති බහාලුමක ගෙන ආයුතු නමුත් එවැනි
උෂ්ණත්වයක් නැති ගමන් මල්ලක එම එන්නත පැය ගණනක් තිස්සේ බහා තිබීමෙන් ලක්ෂ ගණන්වලට අලෙවි වන එන්නතේ ප්‍රමිතිය ගැන ගැටලු මතුව ඇත.
මේ වන විට Toeillizumab එන්නත රජයේ රෝහල් තුළ නොමැති අතර ටෙන්ඩර් රජය මගින් මිල ගණන් කැඳවා ටෙන්ඩර් විවෘත කිරීමක් පමණක් සිදුකර ඇත.
(Gossiplankanews.com)