watareka-accident

කොවිඩ් එන්නත්කරණයට ගිය පිරිසක් රැගත් ත්‍රිරෝද රථයක් සහ ලොරියක් එකිනෙක ගැටීමෙන් සිව් මස් දැරියක ඇතුළු තිදෙනකු ජීවිතක්ෂයට පත්ව තිබේ. වටරැක දුම්රිය ස්ථානය ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ (03 වැනිදා) උදෑසන 10.30 ට පමණය. ම

ෙම පිරිස ගමන්කර ඇත්තේ පනාගොඩ බෝධිරාජාරාමයේ ස්ථාපිත කොවිඩ් එන්නත්කරණ මධ්‍යස්ථානයටය.

අනතුරින් මියගොස් ඇත්තේ වරකාගොඩ නෑබඩ සෝමරත්න මාවතේ පදිංචිව සිටි ප්‍රියානි චන්දිකා (58) ඇයගේ මිනිපිරිය වන කේ.සී වීරසිංහ (මාස 3) ත්‍රිරෝද රථ රියැදුරු වන පාදුක්ක වටරැක පදිංචි ඩී සිරිනන්ද (49) නමැති තිදෙනෙකි. අනතුරින් මියගිය දැරියගේ මව වූ 36 හැවිරිදි සචිනි සමරසේකර තුවාල ලබා ඇත. ඇය කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ. ඇගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග කියයි.

තිරෝද රථය පාදුක්ක දෙස සිට ගොඩගම දෙසට ධාවනය වෙමින් තිබියදී ගොඩගම සිට පාදුක්ක දෙසට ධාවනය වූ ලොරිය ත්‍රිරෝද රථයේ ගැටී තිබේ.

අනතුර සම්බන්ධයෙන් ලොරියේ රියැදුරු මීගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු වටරැක මීපේ පදිංචි පුද්ගලයකි.