wasantha-karannagoda-case

තරුණයින් 11 ක් පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව නඩු පවරන්නේ නැති බව නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.


2008 සහ 2009 දී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන යාම සම්බන්ධයෙන් පවරා ඇති මෙම නඩුවට අදාළව චෝදනා ගොනු නොකරන බව දෙපාර්තමේන්තුව කොළඹ මහාධිකරණයේ නඩු විභාගයේදී අද දැනුම් දුන්නේය.
තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරන්නාගොඩ ඇතුළු 13 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර තිබුණි.
නීතිපතිවරයා විසින් තමන්ට එරෙහිව ගොනු කර ඇති අධිචෝදනා පත්‍රය අවලංගු කරන ලෙස කරන්නාගොඩ ඉන්පසුව රිට් පෙත්සමක් ගොනු කළේය.