vidushi-uththara-escaped

දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ ටික කාලයක් රඟපෑමට එක්වීමෙන් වැඩි දෙනෙකු හඳුනාගත් විදූෂි උත්තරා මේ වනවිටදී විවාහයක් සිදු කරගෙන විදේශගතව කාලය ගත කරන බව වාර්තාවේ. කලාව තුළින් ඇය ඈත්වී ඇත.ඇය සති අන්ත පුවත්පතකට මෙසේ පවසා ඇත.


ඇත්තටම මාව දැන් වැඩිය පේන්නේ නැත්තේ මම දැන් ලංකාවේ නෙවෙයි ඉන්නේ.
විවාහය නිසා කලාවෙන් ඈත් වෙන්න සිදුවුණා. අවසන්වරට සම්බන්ධ වුනේ ලන්සුපතිනියෝ, නිරාෂා,  ඇය කියන ටෙලි නාට්‍යවලට ඒවායිනුත් ඈත් වෙන්න සිදුවුණා.

ඇත්තටම විදූෂි උත්තරා කියන මාව රසිකයන් හොඳින්ම හඳුනාගත්තෙත් දෙරණ නාළිකාවේ
විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යය තුළින්. එහි මම නිරූපණය කළේ මල්කි කියන පාසල් යන
තරුණියකගේ චරිතය. මල්කිගේ චරිතයට ලැබුණු ප්‍රතිචාරත් සමඟ දිගටම ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්න මට ආරාධනා ලැබුණා. ඒත් සමඟ මට කලාව තුළ අවුරුදු 3ක පමණ කාලයක් රැඳී සිටින්නට අවස්ථාව ලැබුණා.
ඇත්තටම මම ලංකාවෙන් ගියේ මගේ හස්බන්ඩ් නිසයි. එයාගේ රැකියාවේ ට්‍රේනින් එකක් නිසා තමයි අපි
මෙහෙට ආවේ.  නැවත ලංකාවට එන්න ඇත්තටම දැනට හරි තීරණයක් නැහැ.

නිරාෂා ටෙලි නාට්‍යයටත් මට හොඳ ප්‍රතිචාර ලැබුණා.  එයත් ඇත්තටම මම හරිම ආසාවෙන්
රඟපාපු චරිතයක්. මොකද එහි මගේ පෙම්වතාගේ චරිතයට පණ පෙව්වේ මාධව විජේසිංහ අයියා. ඔහුව
මම කුඩා කාලයේ ඉඳලම දන්නවා. ඒකත් සමග ඔහු මට සහෝදරයෙක් වගේ. ඒ නිසාම ඔහුත් සමඟ පෙම් සබඳතා ඉතාම සැහැල්ලුවෙන් ඉදිරිපත් කරන්න හැකි වුණා.
ඇය ටෙලි නාට්‍යයේ රිතු කියන්නේ ගොඩක්ම නපුරු චරිතයක්. මගේ අම්මා මගේ ඒ
චරිතය නැරඹුවේ හරිම තරහින්. ඇය මට කියලා තියෙනවා රිතු මගේ ළමයෙක් වුණා නම් මම මොනා කරයිද දන්නේ නැහැ කියලා.
හැබැයි ඉතින් වෙන කිසිම ටෙලි නාට්‍යයකට ලැබුණේ නැති තරම් ගොඩක් ප්‍රතිචාරයක් මේ චරිතයට
ලැබුණා. You Tube Commentsවලින්, පාරේ යන - එන විටදී පවා විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක්
රිතුගේ චරිතයට ලැබුණා.


 එතරම් ප්‍රතිචාර ලැබුණු චරිතයක් අතරමඟ දී අත්හැරීම ගැන ඇත්තටම මට ගොඩක් දුක හිතුණා.
ඇත්තටම මම වෙළෙඳ දැන්වීම් රාශියකට රංගනයෙන් සම්බන්ධ වුණා. ඉතින් නිරූපණ කටයුතු සහ වෙළෙඳ දැන්වීම්වල රංගනය කියන දෙක අතරින් මම වැඩිපුරම කැමැති වෙළෙඳ දැන්වීම් නිරූපණයට තමයි.

මම ඉතාම ලස්සන සුන්දර ළමා කාලයක් ගත කළ කෙනෙක්. මගේ පවුලේ ඉන්නේ අම්මා. තාත්තා, අක්කයි මමයි. දැන් මගේ මහත්තයත් ඉන්නවා. ඉතින් දැන් මම ඒ අයත් සමඟ ඉතාම සතුටින් ජීවිතය ගත කරනවා.

අපිට දුක හිතෙනවා කියන එක මම තේරුම් අරගෙන ඉන්නේ. මේ ජීවිතයේදී අපිට හෙට වෙද්දී මොනවා
වෙයිද කියලා දන්නේ නැහැනේ. මම රංගනයට සම්බන්ධ වුණාට පසුව මෙහෙම රටින් පිට ඉන්න වෙයි
කියලා හිතුවෙත් නැහැ නේ. ඒ දේවල් නිසා මගේ ළඟ ලොකු බලාපොරොත්තු නැහැ. යන විදිහට සතුටින්
සැහැල්ලුවෙන් හොඳින් ජීවත් වෙන්න තමයි බලාපොරොත්තුව.

තොරතුරු - දිනූෂා මනෝරි නිශ්ශංක (Hada gesma)