Mathilda-Karlsson-sri-lanka

මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන මැටිල්ඩා කාල්සන් සහ ඇගේ අශ්වයා චොපින් වීඒ ඊයේ සිය උණුසුම් කිරීමේ සැසිය සිදු කළ අතර හෙට (3) සවස 3.30 ට ඇගේ ඉසව්ව සඳහා සූදානමින් සිටී.


1984 සැප්තැම්බර් 27, මහනුවරදී උපන් මැටිල්ඩා කාල්සන් යනු ශ්‍රී ලාංකික ස්වීඩන් අශ්වාරෝහක ක්‍රීඩකාවකි. ඇයගේ වයස මාස තුනේදී සිට ස්වීඩන් දෙමාපියන් විසින් හදා වඩා ගන්නා ලදී.  ද්විත්ව පුරවැසි බව හිමි ඇය ස්වීඩනය සඳහා 2018 වසර දක්වා තරඟ කළ අතර,

පසුව ඇය සිය මව් රට වෙත මාරු වූවාය. 2021 දී ඇය ටෝකියෝ හි 2020  ඔලිම්පික් උළෙල සඳහා තනි ධාවකයෙකු ලෙස සුදුසුකම් ලැබූ අතර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ප්‍රථම ශ්‍රී ලාංකික අශ්වාරෝහිකාව වූවාය. ඇගේ අශ්වයා නම් කර ඇත්තේ චොපින් වීඒ ලෙස ය.

ස්වීඩනයේ හැදී වැඩුණු ඇගේ ළමා කාලය තුළ වයස අවුරුදු 7 දී අශ්වයින් පැදීමට පටන් ගත්තාය. 2017 දී ඇය නැවත ලංකාවට පැමිණියාය, තම මව්බිම වෙනුවෙන් යමක් කළ යුතු යැයි ඇයට හැඟුණි. ඇය 2018 දී ශ්‍රී ලංකාව වෙනුවෙන් තරඟ කිරීමට තීරණය කළ අතර ප්‍රථම ශ්‍රී ලාංකික ප්‍රදර්ශන පැනීමේ (Showjumping) ක්‍රීඩිකාව බවට පත්විය.
 ඔලිම්පික් උළෙලට පෙර ස්වීඩන්-ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසිභාවය ද ඇය වාසය කරන ජර්මනියේදී අයදුම් කර ලබා ගත්තාය. එෆ්ඊඅයි හි පරිපාලනමය වරදක් හේතුවෙන් ඇයගේ සුදුසුකම් ලැබීමේ අංගයන්ගෙන් කොටසක් පෙබරවාරි 2020 පෙබරවාරි මාසයේදී ඉවත් කරන ලද හෙයින් ඔලිම්පික් සඳහා සුදුසුකම් ලැබීමට පෙර ඇය දුෂ්කරතාවන්ට මුහුණ පෑවාය. කෙසේ වෙතත්, ලකුණු ඉවත් කිරීමේ තීරණය පසුව ක්‍රීඩා සඳහා වූ බේරුම්කරණ අධිකරණය විසින් අවලංගු කරන ලදීප්‍රතිඵල අවලංගු කිරීමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් පසුව ඇයට ඔලිම්පික් වරම් හිමි විය.
ඇය ජර්මනියේ හැම්බර්ග් හි ජීවත් වන අතර එහිදී ඇගේ සහකරු මැන්ෆ්‍රඩ් වොන් ඇල්වොහර්ඩන් සමඟ ඇගේම අශ්වාරෝහක ව්‍යාපාරයක් කරගෙන යයි. මැටිල්ඩා ඉංග්‍රීසි, ස්වීඩන් සහ ජර්මානු භාෂා චතුර ලෙස දනී. ඇය ග්ලෝබල් චැම්පියන්ස් සංචාරයට ද සහභාගී වී ඇත.
හෙට (3) සවස 3.30 ට ඇගේ ඔලිම්පික්  ඉසව්ව සඳහා සූදානමින් සිටී.