thaiwan-vaccine

තායිවානය තුළ නිපදවුණු ප්‍රථම  COVID-19 මර්දන. එන්නත එරට ජනතාව වෙත ලබාදීම ඊයේ (23දා) දිනයේදී ඇරඹීමට එරට සෞඛ්‍ය අංශ පියවර ගත්තේය. ඒ අනුව මේ යටතේ පළමු වැනි එන්නත එරට ජනාධිපතිනී සායි ඉන්ග්-වෙන් විසින් ලබා ගැනීමත් විශේෂත්වයකි.මෙම එන්නත Medigen ලෙස නම් කර තිබේ. 

එරට Biologics Corps සමාගම මගින් මෙම එන්නත නිපදවා තිබේ. තායිවාන ජනතාවට කිසිදු පමාවකින් තොරව COVID-19 මර්දන එන්නත් ලබාදීමේ රජයේ පුළුල් සැලසුමක් යටතේ මෙම එන්නත නිපදවීම ආරම්භ කෙරිණි. විශේෂයෙන්ම ලොව පුරා එන්නත් බෙදාහැරීමේ ගැටලුවෙන් තායිවානයට බලපෑමක් නොවීම එහි අරමුණ විය.

 ඒ අනුව පසුගිය මාසයේදී තායිවානය ඒ සඳහා වන අනුමැතියද ලබාදුනි.දැනටමත් තායිවාන වැසියෝ 700,000කට අධික පිරිසක් මෙම Medigen එන්නත ලබා ගැනීම සදහා ලියාපදිංචි වී සිටිති.මෙහිදී ජනාධිපතිනිය එරට නිපදවූ එන්නතේ පළමු වැනි මාත්‍රාව ලබා ගැනීම ඒ සම්බන්ධයෙන් වන විශ්වාසය සඟ ජනතා උනන්දුව වැඩි කිරීමට හේතුවී ඇතැයිද විදෙස්මාධ්‍ය පවසයි. මීට පෙර තායිවානයට ආනයනය කළ Moderna සහ AstraZeneca එන්නත් මාත්‍රා ලබාගැනීමේ අවස්ථාව ඇය වෙත පැවතුණත්,ඇය එම එන්නත් ලබාගැනීම පමා කරමින් එරට නිපදවූ මෙම Medigen එන්නත සදහා අනුමැතිය හිමිවන තෙක්ම බලා සිටියාය. මෙම Medigen යනු චීන භාෂාවෙන් 'ඉහළ සාර්ථකත්වයක්”සහිත යන්න තේරුම දෙන්නකි. මීට පෙර බොහෝ දෙනෙකු විසින්ම මෙම එන්නතේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්න මතුකළ අතර, තායිවාන බලධාරීන්ට අනුව මේ දක්වා සිදුකර ඇති එහි අදා බැලීම්වලදී කිසිදු ගැටලුවක් පැන නැගී නැත.