
කොරෝනා ආසාදිතව පසුගිය 13 වනදා නාරාහේන්පිට ලංකා හොස්පිටල් වෙත ඇතුළත් කරන ලද හිටපු ඇමති මංගල සමරවීර අද දින මියගොස් ඇත්තේ තමාට කොරෝනා සූවය ලැබූ බවට ලක්ෂණ පෙන්නුම් කර යහපත් තත්වයෙන් සිටියදී බව රෝහල් ආරංචි වාර්තාකරයි.
ඔහු රෝහලට රැගෙන ආ අවස්ථාවේ දුර්වල තත්වයෙන් සිටි නමුත් පසුව ප්‍රතිකාර ලබද්දී දුෂ්කර තත්වයෙන් මිදී ඇති අතර ඊයේ වනවිට තමා සුවවූ බව දක්වමින් මිතුරන් හා සාමීචියේ යෙදී ඇතිබවද වාර්තාවේ.
අද දින ඔහු මියගිය පසු ඒ ගැන සඳහනක් කරමින් එජාප නායක රනිල් වික්‍රමසිංහ සඳහන් කරන්නේ තමා සමග ඊයේ මංගල දුරකථන ඔස්සේ සම්බන්ධවූ බවයි.
ඊයේ දහවල් ඔහු තමා සමග ටික වේලාවක් කථා කළ බවත් සුවය ලබා පැමිණි පසු කරන්නට තිබෙන දේවල් ගැන කථාබහකද නිරතවූ බව වික්‍රමසිංහ මහතා දන්වා සිටියේය.
කෙසෙ වෙතත් ඇතිවූ හදිසි හෘදයාබාධ තත්වය මත අද උදෑසන ඔහු මියගොස් තිබේ. එනමුත් මෙම මරණය කොරෝනා මරණයක් ලෙස සලකනු ඇත.
මංගල සමරවීර මහතාගේ අවසන් කටයුතු අද (24) සවසම බොරැල්ල කනත්ත ආදාහනාගාරයේදී සුළු පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කරන්නට යෙදිණි. එහිදී සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව වාහනවල සිට පමණක් අවසන් කටයුතු නිරීක්ෂණය කරන්නට සිදුවූ නිසා වැඩි පිරිසක් ඒ සමීපයට ගොස් තිබුනේ නැත.
එලෙස ලබාගත් ඡායාරූප කිහිපයක් පහතින්





Comments
Post a Comment
Your comment will be visible after approval