ළමාරක්‍ෂක අධිකාරියේ පමණක් ක්‍රියාත්මක වූ වීඩියෝ සාක්ෂි ලබා ගැනීමේ මධ්‍යස්ථානයත් දීපව්‍යාප්ත කරවීමේ පළමු පියවර ලෙස රාගම පුනරුත්ථාපිත රෝහලේ ළමා පියසේ ස්ථාපිත කළ වීඩියෝ සාක්ෂි ලබා ගැනීමේ මධ්‍යස්ථානයේ අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීම රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
ළමා අපයෝජන සිද්ධීන්වලට අදාළ සාක්ෂි ලබා ගැනීමේදී ඊට අදාළ දරුවන් නැවත නැවතත් වින්දිතයන් බවට පත්වීම වැළක්වීමේ අරමුණින් මෙම මධ්‍ය අපයෝජන සිද්ධීන්වලට මුහුණ දෙන දරුවන්ට උසාවිය තුළ සාක්ෂි ලබාදීමේදී ඇතිවන මානසික පීඩනය හා මානසික අපහසුතාවන් දුරු කිරීමේ අරමුණින් යුතුව ඉතාමත් කෙටි කාලයක් ඇතුළත දිවයිනේ පළාත් නවය තුළම මෙවැනි මධ්‍යස්ථාන නවයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත්,
රටේ සෑම පුද්ගලයෙකුම මවකගේ හා පියෙකුගේ සෙනෙහසින් යුතුව දරුවන් රැකගත යුතු බවත් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය. එමන්ම ප්‍රාදේශීය හා දිස්ත්‍රික් සංවර්ධන කමිටු, විවිධ හිංසනවලට මුහුණදුන් දරුවන් පිළිබද සාකච්ඡා කර අමාත්‍යාංශ නියෝජිතයන් දැනුවත් කිරීම හරහා ඊට අදාළ ප්‍රගති වාර්තවක් අමාත්‍යාංශය වෙත ලබා ගැනීමටද පියවර ගෙන ඇති බව කාන්තා හා ළමා සංවර්ධන, පෙරපාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සඳහන් කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval