
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වී තිබෙයි.
අද සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් මේබව තහවුරු වී ඇති අතර හෙට දිනයේ අමාත්‍යවරයාට
පී.සී.ආර් පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බව දන්වා තිබේ.
මේ අතර බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල අමාත්‍යාංශයේ සේවකයින් පිරිසකට කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් ස්වයං නිරෝධායනයට ලක්ව ඇති බවද වාර්තාවේ.
මේ වනවිට ඔහු නිරෝධායනය වෙමින් සිටියි.
ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයක් සිදුකළ බවත්, එහිදී තමන්ට වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වූ බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත
මේ අතර අමාත්‍ය විමල් වීරවංශද සිය නිවසේ මේ වනවිට නිරෝධායනය වෙමින් සිටී. ඊට හේතුවී ඇත්තේ සිය ආරක්ෂක නිලධාරීන්ට කොරෝනා ආසාදනය වීමයි.
Comments
Post a Comment
Your comment will be visible after approval