
අද බ්‍රහස්පතින්දා (12) දහවල් ජනපති තීරණාත්මක තීන්දුවක් ගන්න යන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් හදිසියේ කැඳවා ඇති බවත් දේශපාලන ආරංචි වාර්තා කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් පිරිසක් මේ වනවිට ජනාධිපතිවරයා සමඟ එකී විශේෂ සාකච්ඡාවක නිරත වන බවට තොරතුරු වාර්තා වෙයි.
ශ්‍රී ලංකාව නැවත ඉක්මනින් ලොක් ඩවුන් නොකලොත් ජීවිත ගණනාවක් තවදුරටත් අහිමිවී යාහැකි බවට සෞඛ්‍ය විශේෂඥයින් ගනනාවක් මේ වනවිට පෙන්වා දී ඇති අතර මෙම සාකච්ඡාව ඒ ගැන විය හැකි බවට වාර්තා පළවේ.
කෙසේ වෙතත් බදාදා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ හමුවේදී ඇමති කෙහෙලිය රඹුක්වැල්ල පැවසුවේ දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වන්නේ අත්‍යවශ්‍යම අවස්ථාවක් උදාවුව හොත් පමණක් බවත් ඇඳිරි නීතිය පැනවීම අවසාන විකල්පය ලෙස සලකන බවත්ය.
Comments
Post a Comment
Your comment will be visible after approval