
කොවිඩ් ආසාදිතව ජීවිතක්ෂයට පත් වූ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩල ඥාතීන් වෙනුවෙන් එම දෙපාර්තමේන්තුවේ පසුගිය 09 වැනිදා පැවැති දානමය පිංකමට එක් වූ ස්වාමීන් වහන්සේ නමකට කොවිඩ් ආසාදනය වී ඇති බැවින් ඊට එක් වූ සියලු දෙනාම නිරෝධායනයට ලක් කර තිබේ.
මෙම ස්වාමීන් වහන්සේ දෙපාර්තමේන්තුවේම සේවය කරන බවද එහි ආරංචි මාර්ග පවසයි.
මෙම සිද්ධිය හේතුවෙන් දෙපාර්තමේන්තුවේ දෙවැනි මහලේ පිහිටි අභිලේඛන හා නානක විද්‍යා, ගවේෂණ කැණීම් හා නඩත්තු යන අංශ වසා දැමීමට සිදු වී ඇත.
ජාතික උරුමයන් හා ප්‍රසංග කලා රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකුගේ අභාවප්‍රාප්ත පියකුට පිං අනුමෝදන් කිරීම ද මෙම පිංකම් වැඩසටහනේ තවත් අරමුණක් වූ බව පැවසේ. පිංකම සඳහා දෙපාර්තමේන්තුවට පිටතින් ද ස්වාමීන් වහන්සේලා වැඩමවා ඇත.
කොවිඩ් වයිරසය වේගයෙන් ව්‍යාප්තවන මෙවැනි අවස්ථාවක මෙවැනි පිංකම් පැවැත්වීම සුදුසු නොවන බවට ඇතැම් සේවකයන් කළ ප්‍රකාශ නොසලකා පිංකම පවත්වා ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval