pareyyan-ella-brother-sister

බඩල්කුඹුර පොලිස් බල ප්‍රදේශයේ පිහිටි පරෙයියන් ඇල්ල නැරඹීමට ගිය එකම පවුලේ අයියා නගෝ දෙදෙනකු දිය වළකට ඇදවැටීමෙන් පෙරේදා (01දා) මියගොස් ඇතැයි බඩල්කුඹුර පොලීසිය පවසයි. 

ඔක්කම්පිටිය 3 කණුව ගාමිණී පුර ලිපිනයේ පදිංචි සුරාජ් මධුශංක ගජවීර (30) අයේෂා ගයාශානි ගජවීර (23) නමැති දෙදෙනා මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත. පෙරේදා(01දා) ඔවුන් සිය පවුලේ සාමාජිකයන් සමග ඇල්ල නැරඹීමට ගොස් ඇති අතරවාරයේ නංගී වතුර පාරකට ලිස්සා ඇද වැටී ඇති අතර ඇය බේරා ගැනීමට අයියා එම වතුරට පැන තිබේ. එහිදී දෙදෙනාම දියේ ගිලී ඇති අතර පසුව ඥාතීන්  ඔවුන් ගොඩට රැගෙන ඇතත් ඒවන විටත් මියගොස් සිට තිබේ.
මියගිය සුරාජ් මධුශංක ගජවීර පෞද්ගලික සමාගමක විධායක නිලධාරියකු ලෙස සේවය කරන අතර අගෝස්තු මස 18 වැනි දින විවාහ වීමට නියමිතව තිබිණි.

මියගිය අයේශා ගයාශානී ගජවීර අගෝස්තු මස 15 වැනි දින හෙද පුහුණුව සඳහා බදුල්ල හෙද විදුහලට
ඇතුළත් වීමට නියමිතව තිබිණි.
මෙම දෙදෙනාගේ මරණ පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (02දා)
මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.
බඩල්කුඹුර පොලිස් ස්ථානාධිපති සුනිල් දිසානායක මහතා පරීක්ෂණ පවත්වයි.