kalawana-butturfly

කලවාන, වේවැල්කඳුර පැල්පිටිය ප්‍රදේශයේදී පෙරේදා (01 )විශාල සළඹයන් තිදෙනකු ප්‍රදේශවාසීන්ට හමුවී තිබේ. තම නිවසට යන මාර්ගයේදී කුමාරී මහත්මියට මෙම සළඹයන් තිදෙනා දක්නට ලැබුණු බව ඇය ප්‍රකාශ කළාය. 



මීට පෙර මෙතරම් විශාල සළඹයන් දැක නොමැති අතර දිගින් අගල් දහයක් පමණ වන බවද ඇගය පැවසීය.මෙම සළඹයන් අගෝස්තු මාසය තුළ විශාල වශයෙන් දක්නට ලැබෙන බවත් එම සළඹයන් වැඩිපුරම වසන්නේ හොර ගස්වල බවත් ප්‍රදේශවාසීහු ප්‍රකාශ කළහ. මීට පෙර මෙම සළඹයන් විශාල වශයෙන් දක්නට ලැබුනත් වර්තමාන පරිසරයේ සිදුව ඇති වෙනස්කම් සමග සළඹයක් දක්නට නොලැබෙන බව ප්‍රදේශවාසීහු පැවසූහ.

(කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)