medirigiriya-incident

උණුකරන ලද එළකිරි භාජනයකට වැටුණු තුන් හැවිරිදි දැරීයක කොළඹ මහ රෝහලට ඇතුළු කරනු ලැබීමෙන් පසුව ප්‍රතිකාර ලබමින් සිටියදී දින 13 කට පසු මරණයට පත්ව ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.  මෙලෙස මරණයට පත්ව ඇත්තේ මැදිරිගිරිය 

ට්‍රැක් 8 ප්‍රදේශයේ පදිංචි එච්.එම්. ඔනාරා හිමයංගි නමැති තුන් හැවිරිදි කුඩා දැරියකි.  දැරියගේ මව මීට දින ගණාවකට පෙර යම් කටයුත්තක් සඳහා නිවෙසින් බැහැරව යාමට දැරිය ඇගේ මිත්තනියගේ නිවෙසට ඇරලවා ඇත. මිත්තනියගේ නිවැසියන් අලෙවිය සඳහා අයිස්ක්‍රීම් නිෂ්පාදනය කරනු ලබන අතර එදිනද අයිස්ක්‍රීම් නිෂ්පාදනය සඳහා විශාල එළකිරි භාජනයක් උණු කර බිම තැබූ අවස්ථාවේම ඒ අසල සෙල්ලම් කරමින් සිටි මෙම කුඩා දැරිය එම භාජනයට වැටී ඇති බවට මූලික පරීක්‍ෂණවලින් හෙළි වී ඇතැයි පොලිසිය කියයි.


සිද්ධිය සිදු වූ අවස්ථාවේම නිවැසියන් මෙම දැරිය මැදිරිගිරිය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එම අවස්ථාවේම ඇය කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇත.  කොළඹ ජාතික රෝහලේ දින 13ක් පමණ ප්‍රතිකාර ලබමින් සිටි දැරිය පසුගිය 1 වැනිදා මරණයට පත්වී ඇතැයි මේ පිළිබද පරික්‍ෂණ පවත්වන මැදිරිගිරිය පොලිසි පවසයි.

 -චාපා මධුභාෂිණී-