
අද අගොස්තු 03 වනදා ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ‘ෂෝ ජම්පින්‘ අසරු ධාවන ඉසව්ව ශ්‍රී ලංකාව නියෝජනය කළ මැතිල්ඩා කාලිසන් Mathilda Karlsson එම ඉසව්වෙන් පරාජයට පත්වූවාය. ඇය තරගකරුවන් 78 ක් අතරින් පැනල්ටි 18 ට වඩා වැඩිවූ නිසා ස්ථානයක් නොලද 66-78 අතර පිරිසට අයත් විය.
ඒ අනුව ඇය පළමු වටයෙන්ම ඉවත්වූවාය.
මෙහිදී 30 දෙනෙකු පමණක් ඊළඟ වටයට ඇතුළත් කරගත් අතර හෙට අවසන් තරගය නවසීලන්ත ඊජිප්තු හා ස්විට්සර්ලන්ත ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර පැවැත්වේ.
ස්වීඩන හා ශ්‍රී ලාංකික ද්විත්ව පුරවැසිභාවය හිමි මැතිල්ඩා මෙම ඉසව්ව නියෝජනය කළ පළමු ශ්‍රී ලාංකිකයා විය.

Comments
Post a Comment
Your comment will be visible after approval