වසංගත රෝග විද්‍යා ඒකකය කොවිඩ් වසංගතය ප්‍රශස්ත ලෙස කළමනාකරණය කිරීමට අසමත්ව ඇති බැවින් එම ඒකකයට අයත් වගකීම් විශේෂඥ කමිටු හයකට පවරනැයි ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය  පවසයි.  

රෝග ආවේෂණය, වසංගත පාලනය, එන්නත්කරණ ක්‍රියාවලිය කළමනාකරණය, සායනික ප්‍රතිකාර කළමනාකරණය, රෝග පාලන පරේෂණ සහ අධීක්ෂණෙය සහ ඇගයීම යන වගකීම් සඳහා වෙන වෙනම විශේෂඥ  වෛද්‍යවරුන්ගෙන් සමන්විත කමිටු පත්කළ යුතු බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පැවැසීය.


වසංගත රෝග විද්‍යා ඒකකයට අනුයුක්ත විශේෂඥ  වෛද්‍යවරුන් සියලු දෙනා එම කමිටු හයට පත් කළ යුතු බව ද වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා කීවේය.  මෙම කරුණු සම්බන්ධයෙන් සිය සංගමය ජනාධිපතිවරයා  දැනුවත් කළ බව ද ඔහු පැවැසීය.


 -රංජන් කස්තුරි-