ගර්භණි මවකට covid වසංගතය ආසාදනය උනොත් ඇතිවිය හැකි සංකූලතා තරමක් දරුණු විය හැකි බවට විශේෂඥ වෛද්‍යවරු අනතුරු අඟවනවා. එමගින් මවට විතරක් නෙමෙයි කුසතුල සිටින දරුවට සංකූලතා ඇති විය හැකි බවයි ඔවුන් පවසන්නේ. ඉතින් එවැනි තත්ත්වයක් වලක්වා ගනිමින් මවගේ දරුවාගේ ජීවිතය ආරක්ෂා කර ගන්න ආකාරය ගැන ඔබ දැනුවත්ද ? මේ ඒ පිළිබඳ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරුන්ගෙ විද්‍යාතනයේ ලේකම් විශේෂඥ වෛද්‍ය චාමින්ද  මාතොට සිදුකරන වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීමක්.




ගැබිනි මව්වරු පිළිබඳ දිගටම කතා කළා. මේ කතා කරද්දි පළවෙනිම කාරණය තමයි මේ covid ආසාදනය ගර්භණි මව්වරුන්ට හැදුනොත් ඒ සම්බන්ධව ඇතිවිය හැකි සංකූලතා තරමක් දරුණු වෙන බව. මේකෙදි ගර්භනි මවට පමණක් නොව කුස තුළ සිටින දරුවාටත් සංකූලතා ඇති වෙන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් කියනවා නම් ගර්භනී මවක් කොරෝනා ආසාදිත උනාට පස්සේ කුසතුල සිටින දරුවා නියමිත දිනට කලින් බිහි වීමේ අවදානමක් තිබෙනවා. ඒ වගේම මව් කුස තුල දරුවා මිය යාමට පවා අවදානමක් තියෙනවා.

ඒ වගේම නියමිත දිනයට කලින් බිහිවන දරුවන්ට එතකොට මොළය වර්ධනය අඩුකම, ඊළඟට පෙනහලු වල වර්ධනය අඩුකම වගේ දේවල් නිසා ඇතිවන සංකූලතාවලට ලක් වෙනවා. ඒ නිසා දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් කෝවිඩ් ආසාදිතයන් වැළකී සිටීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම තමයි කෝවිඩ් ආසාදිත මවකට කෝවිඩ් නිව්මෝනියා තත්ත්වය ඇතිවීමට ඇති ඉඩකඩ වැඩියි. ඒ නිසාම දැඩි සත්කාර ඒකක වලට ඇතුලත් වෙන්න, ඒ වගේම මාතෘ මරණයක් සිදු වන්න පවා අවදානම මේ covid ආසාදනයත් සමග මේ ගර්භනි මවකට වැඩි වනවා.



ඉතින් මේ වගේ දේකදී කොහොමද ගර්භනී මවක් ආරක්ෂා වෙන්න ඕනෙ කියන එක අපි පුන පුනා කියලා තියෙනවා. ඒකෙදි පළවෙනිම දේ තමයි හොඳ සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම. නමුත් අද තියෙන තත්ත්වයත් එක්ක මේ සෞඛ්‍ය පුරුදු වලින් පමණක් ගෙදරට වෙලා පරිස්සම් වෙලා හිටියට විතරක්ම ආරක්ෂිත වෙන්නේ නැහැ. හේතුව සමහර විට ගර්භණී මව හොඳින්ම ආරක්ෂා වුණත් ගෙදර අනිත් පුද්ගලයන් පිටතට යන්න පුළුවන්,ඔවුන් ආසාදන නිවසට රැගෙන ඒන්න පුළුවන්.ඒ නිසා ගර්භනි මවකට මේ සෞඛ්‍ය පුරුදු වලින් පමණක් ආරක්ෂාව ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යෙන්ම එන්නත්කරණයට යොමු වීම වැදගත්.

ඊළඟට අපෙන් අහන ප්‍රශ්නය තමයි මේ එන්නත ආරක්ෂිත ද කියන එක. පළවෙනිම උත්තරේ තමයි මේකට එන්නත නැතුව ඔබ ඉතාමත්ම අනාරක්ෂිතයි. ඒ නිසා  එන්නත්කරණයට යොමු වීම ඉතා වැදගත්. ඒ වගේම මේ එන්නත් ආරක්ෂිතයි කියන්නේ මේ වන විට ප්‍රමාණවත් දත්ත ලැබෙමින් පවතිනවා. අපි දන්නවා මේ එන්නත් දියුණු කරලා තියෙනනේ ඉතාමත්ම කෙටි කාලයක් තුළ. දැනට එන්නත් භාවිතා කරලා තියෙන්නේ වසරක පමණ කාලයක්.



නමුත් මේ වන විට ලැබෙන දත්ත අනුව ඒ කියන්නේ ඇමරිකාවේ එක් ලක්ෂ තිස් දාහක් පමණ ගර්භනී මව්වරුන්ට එන්නත් ලබා දීලා ලබපු පරීක්ෂණ දත්ත තියෙනවා මේ වෙනකොට. ස්කොට්ලන් වල තවත් හාර දහසක් පමණ ගර්භනී මව්වරුන්ට එන්නත් ලබා දීලා ඔවුන්ගේ දත්ත ලැබිලා තියනවා.  ඒ වගේම එක්සත් රාජධානිය තවත් පරීක්ෂණයක් මගින් ඔප්පු කරල තියනවා මේ එන්නත් ලබාගත් ගර්භණී මවුවරුන්ගේ සහ ඔවුන්ගේ දරුවනුත් එන්නත් ලබා නොගත් ගර්භණී මවුවරුන් සහ ඔවුන්ගේ දරුවනුත් පරීක්ෂාකර බලද්දි මේ දෙගොල්ලෝ අතර කිසිම වෙනසක් නැහැ කියලා. ඒ කියන්නේ සංකූලතා අතර කිසිම වෙනසක් නැහැ.

එතකොට මේ වගේ දත්ත මේ වෙනකොට අපිට ලැබිලා තියෙනවා මේ එන්නත් ආරක්ෂිතයි කියන එක. ඊට අමතරව මේ වන විට ලංකාවෙත් තිස්දාහකට විතර ආසන්න පිරිසක් Sinopharm එන්නත ලබාගෙන තියෙනවා. ඔවුන්ගෙනුත් කිසිම සංකූලතාවයක් ඇවිත් නැහැ. එතකොට එන්නත ආරක්ෂිතයි කියන එකට පළවෙනිම කාරණය තමයි එන්නත නැතුව ඔබ අනාරක්ෂිතයි. ඒ වගේම එන්නත් ආරක්ෂිතයි කියන එක ප්‍රමාණවත් දත්ත මේ වන විටත් තිබෙනවා.





ඊළඟ කාරණය තමයි මේ කුමන එන්නතද ඔබ ලබාගත යුත්තේ කියන එක. ගර්භණි මව්වරුන්ට දෙන්න මේ දක්වා අපි ලංකාවේ අනුමත කරල තිබෙන Sinopharm එන්නත පමණයි. නමුත් අර පහුගිය සිකුරාදා ඒ පිළිබඳ උපදේශන කමිටුවෙන් අනුමැතිය ලැබුණා අනිත් එන්නත් වර්ග තුනටම. ඒ කියන්නේ sputnik v එන්නත හැර අනිත් සියළුම එන්නත් වර්ග මේ වන විට ගර්භණී කාලේදී ලබාදීමට අනුමැතිය ලැබිලා තියෙනවා. ඒ වගේම ගර්භනී කාලයේ මුල් සති 12 එන්නත ලබා ගැනීමෙන් වැළැක්විය සිටිය යුතු නැහැ. ඔබට ගර්භනී සමයේ ඕනම අවස්ථාවක ඉහත සඳහන් කරපු ඕනම එන්නත් හතරෙන්  ඕනම එකක් ලබාගැනීමට හැකියාව තියෙනවා.

එන්නත් පිළිබඳ තවත් ගැටලුවක් තිබුණා. මොකද මේ ගර්භනී සමයේ සෑම ගර්භනී මවකටම පිටගැස්ම එන්නත ලබා දෙනවා. මේ එන්නත ලබා දීමේදී පිටගැස්ම එන්නත ලබා ගන්න කාලයේදීම මේ ඒන්නත ලබා ගැනීම සුදුසුද කියන එක. දැනට අපි නිර්දේශ කරල තියෙන්නෙ මේ එන්නත් දෙකම එකවර වුවත් ලබාගත හැකි. එහෙම නැතුව කිසියම් හෝ ගැටලුවක් තියෙනවා නම් පළමුවෙන්ම ප්‍රමුඛතාවය ලබාදිය යුත්තේ ඔබගේ ජීවිතය ආරක්ෂා කිරීමට ලබාගන්න covid එන්නත ට. කෝවිඩ් එන්නත පළමුවෙන් ලබාගෙන පසුව ඔබට අවශ්‍ය නම් පිටගැස්ම එන්නත තරමක් දුරට කල් දාගන්න හැකියාව තියෙනවා. ඒ නිසා මේ එන්නත් දෙක අතර කිසියම් ගැටලුවක් තියෙනවා නම් පළමුව ඔබ ලබාගත යුත්තේ කොවිඩ් එන්නතයි. ඒ කරුණ තමයි එන්නත්කරණය සම්බන්ධව කියන්න තියෙන්නේ. ඊළඟට මේ එන්නත්කරණ වේගවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විට වැඩසටහනක් ක්‍රියාත්මක කරලා තියෙනවා. පහුගිය සති දෙක ඇතුළත.



සියලුම ගර්භනී මව්වරුන් තමන්ගේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හමුවෙලා ඒන්නත ලබාගත හැකි ස්ථානය පිළිබඳ විස්තර දැනගන්න. බොහෝ වෙලාවට ඔබට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය තිබෙන සායනයේදී එන්නත ලබා ගන්න පුළුවන් සෙනසුරාදා දිනයේදී. එහෙම නැත්නම් ඔබ ප්‍රදේශයේ තියෙන සායනයට පැමිණිලා හැකි ඉක්මනින් එන්නත ලබා ගන්න පුළුවන්. ඔබ එන්නත ලබා ගත යුත්තේ කුමන අවස්ථාවේ ද කියන ප්‍රශ්නය විසඳුම තමයි ඔබට ලබාගත හැකි පළමුවෙනි අවස්ථාවේ ඒ කියන්නේ මේ සතියේ පුලුවන්නම් මේ සතියම ලබාගන්න එහෙම නැත්නම් ඊළඟ සතිය හැකි ඉක්මනින් මේ අගෝස්තු මාසේ ඉවර වෙන්නට පෙර ඔබේ එන්නතේ පළමු මාත්‍රාව හෝ ලබා ගැනීමට ඉක්මන් වෙනවා නම් හොඳයි. දැනට තියෙන තත්ත්වයත් එක්ක සියලුම ගර්භණි මව්වරුන් මේ එන්නත්කරණයට ලක් වීම තමයි අපි නිර්දේශ කරන්නෙ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරුන් හැටියට.